Monday, September 19, 2016

ගෝත්‍රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා…



මනුස්සයා ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ ඔහු ගස් ගල් වලට ඇට කෑලි වලට නොයේකුත් වටිනාකම් ආදේශ කරමින් වන්දනාමාන කලා.

තමාගේ ගෝත්‍රයේ නායකයන්ට, ගෝත්‍රයේ පූජකයා විදියට හිටපු මනුස්සයාට උතුම් බවක් ආදේශ කරලා වන්දනාමාන කලා.

ඒ මිනිසා සාපේක්ෂව නොදියුණු ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ.

21වන සියවසට එළඹිලා තියෙන මිනිසා දැන් සදාචාරාත්මකව, විද්‍යාත්මකව, බුද්ධිමය ලෙස සෑහෙන දියුණුයි. එනිසා දැන් ඔවුන් හැසිරෙන්නේ බුද්ධිමත්ව. ක්‍රියාකරන්නේ තර්කානුකූලව.

ඔහු දැන් ආදි කාලයේ වගේ ගස් (බෝධිය), ගල් (මක්කම, දාගැබ්, ප්‍රතිමා, පිළිම), ඇට කෑලි (නොයෙකුත් ශාන්තුවරුන්ගේ ශරීර කොටස්, දන්ත ධාතු, කෙස්) වගේ දේවල් වලට වටිනාකම් ආදේශ කරමින් වන්දනාමාන කරන්නේ එහෙම නෑ. තමාගේ ගෝත්‍රයේ හෝ රටේ නායකයාට (උදාහරණ සඳහන් නොකරමි), පූජකයන්ට (භික්ෂූන්ට) උතුම් බවක් ආදේශ කරලා වන්දනාමාන කරන්නේ එහෙම නෑ. මොකද මිනිසා තුළ සිටි ඒ හැඟීම් වලට වහල් වුන ප්‍රාථමික ගෝත්‍රිකයා වෙනුවට දැන් ඉන්නේ මනසින් දියුණු ශිෂ්ඨයෙක් නිසා.

ඒ අතින් ශතවර්ෂ ගාණකදී මිනිසා ගෝත්‍රිකයාගේ ඉඳලා ශිෂ්ඨයා දක්වා ලබල තියෙන ඒ දියුණුව විශ්මිතයි.

ඒ විතරක් නෙමේ, ආදි කාලයේ සදාචාරය කියන දේ සීමා වුනේ තමාගේ ගෝත්‍රයට පමණයි. මිනිසුන්, ගැහැණුන්, ළමුන් මරන එක ඔවුන් වැරැද්දක් ලෙස සැලකුවේ ඒ මිනීමැරුම තමාගේ ගෝත්‍රය තුළ සිදුවන තාක් පමණයි. වෙනත් ගෝත්‍ර වල මිනිසුන්ව, ගැහැණුන්ව හෝ ළමුන්ව ඝාතනය කරන එක වැරැද්දක් ලෙස ඔවුන් දැක්කේ නෑ. සදාචාරය පදනම් වුනේ තමා අයත් ගෝත්‍රය මතයි.

ඔහොම තත්වයක් තිබුන එදා වගේ නෙමේ අද. උදාහරණයක් වශයෙන් ගත්තාම සුනිල් රත්නායක කියන මිනීමරු සෙබළා විසින් කුඩා දරුවෙක්ගේ ගෙළ කපලා මරා දාපු බව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල සිද්ධ වුන නඩුවිභාගයකින් ඔප්පු වුනාම කිසිම මනුස්සයෙක් ඔහුගේ ඒ ක්‍රියාව සාධාරණීයකරනය කරන්න ඉදිරිපත් වුනේ නෑ.

මොකද ශිෂ්ඨත්වයට පා තබා තියෙන අපේ සදාචාරය ගැන අවබෝධය ගෝත්‍රය, දේශසීමා, හමේ පාට වැනි පටු සීමා මත පදනම් නොවන නිසා.

අපි ගෝත්‍රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා පැමිණ ඇති නිසා.

ඒ විතරක් නෙමේ, ආදි කාලයේ ගෝත්‍රිකයා තමා අයත් රැහේ කෙනෙක්ට තමා නොදන්නා රෝගයක් එහෙම වැළඳුනාම ඒ කෙනාව රැහෙන් වෙන් කරනවා. කොන් කරනවා. නැත්නම් ගහලාම පන්නලා දානවා.

මොකද ගෝත්‍රිකයාට ලෙඩ රෝග පිළිබඳ අවබෝධයක් තිබුනේ නැති නිසා.

වර්තමාන තත්වය එහෙම නෙමෙයි. වර්තමානය තොරතුරු තාක්ෂණය සතර දිග්භාගයේ පැතිරුන යුගයක්. මේ යුගයේ මිනිසා ඒ තාක්ෂණය යොදාගෙන මිනිසාට හානිකර ලෙඩ රෝග පිළිබඳ දැනුම ලබා ගන්නවා. බෝ වෙන අයුරු, ලෙඩ රෝගයක් වැළඳුන විට නිසි ක්‍රියාමාර්ග ගන්නා අයුරු ඉගෙනගන්නවා.

හදිසියේ කුඩා ළමයෙක්ගේ පියාට එහෙම එච්.අයි.වී රෝගය වගේ හැදුනා කියල දරුවාව කොන් කරන්න එහෙම යන්නෙ නෑ. දරුවාගේ අයිතිවාසකම් නැති කරන්න එහෙම යන්නෙ නෑ. කොන් කරනවා වෙනුවට කරන්නේ දරුවාව වැළඳගන්න එක. මොකද ශිෂ්ඨත්වයට සමගාමීව ඔහු ලැබූ දියුණුව සහ අවබෝධය නිසා.

දැන් කොහේවත්, විශේෂයෙන් අපේ රටේ එහෙම ගෝත්‍රිකයෝ විදියට හිතන, වැඩකරන මිනිස්සු එහෙම නෑ.

අපේ රටේ ඉන්නේ ශිෂ්ඨ විදියට වැඩ කරන ශිෂ්ඨයෝ. වසර දහස් ගණනකට කලින් ජීවත් වුන ගෝත්‍රිකයෝ විදියට වැඩ කරන ගෝත්‍රිකයෝ නෙමේ.

ඔන්න ඔහොමයි අපි ගෝත්‍රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා පරිනාමය වෙලා තියෙන්නේ.

ඒ වෙනස ගැන අපි ආඩම්බර වෙන්න ඕන. ඒ වෙනසට අපි ගරු කරන්න ඕන

අපි තේරුමක් ඇතුවම ආඩම්බර වෙන්නේ ඒ නිසයි මිතුරනි. අපගේ ශිෂ්ඨකම ලෝකයටම පෙන්නන්න උදේ හවහ අපි ගැනම කයිවාරුගහ ගන්නේ ඒනිසයි.

අපි ගැන ආඩම්බරයි නම් ශෙයාර් කරන්න මිතුරනි. ආඩම්බරයි නම් ශෙයාර් කරන්න.

8 comments:

  1. පුක තමයි. ඕයි, වෙන ආගම්වල ගස් ගල් වන්දනාවෙයි බෞද්ධ වත්පිළිවෙත් වලට අදාළ දාගැබ් පිළිම බෝධි වන්දනාවෙයි වෙනස අහසට පොළොව වගේ. වෙන ආගම්වල යදිනවා නමුත් ධර්මාවබෝධය තියන බෞද්ධයෝ යදින්නේ නැහැ. අධිෂ්ඨාන කරනවා අනුගමනය කරනවා පිළිපදිනවා ඒකයි වෙනස. තමුසෙට විශ්වාස සිල්වත් හාමුදුරු කෙනෙක්ගෙන් අහනවා. අහලා ඉගෙනගන්නවා. මේ වගේ බහුබූත ලියන්නේ නැතුව.

    කුලියාපිරියේ දරුවෙකුට ඒඩ්ස් කියලා එපැත්තේ ඉන්න ගෝත්‍රික හැත්ත ඒ ලමයව ඉස්කෝලෙන් එලවාගත්තේ දැන් 21 වෙනි සියවසේ දියුණු මනසින්ද?

    බෙලිඅත්ත පැත්තේ රෝහලක ක්‍ෂයරෝග වාට්ටුවක් පටන්ගන්න එපා කියලා උද්ඝෝෂණ කරන්නේ දියුණු මනසක් තියන එවුන්ද නැත්නම් ගෝත්‍රිකයෝද?

    මිනීමරපු සෙබලා රණවිරුවෙක් කරන්න වලිකන මරා සහ උගේ හොර හැත්ත අමතකද?

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ස්තූතියි

      Delete
  2. හා හා හා... 😂😂👊🏽👍🏽.. මෙව්ව කියවන්නෙ නැති ඇස් මක්කටෙයි කිව්වලු. එල බන් එලම කිරි.. 🙈😜

    ReplyDelete
    Replies
    1. එල එල බං. ටෑන්කූ

      Delete
  3. හෆොයි පෝස්ට් ඔලුවෙන් හිටගෙන කියෝන උනුත් ඉන්නවනේ අප්පා . .
    මොනා උනත් සුපිරි ලිපිය ඈ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන් :)

      Delete
  4. සෑහෙන්ඩ ආඩම්බරයි. වෙලාවකට හිතෙනවා බන් පරිණාමය වෙන්නෙ අනිත් පැත්තටද කියලා.

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...