Friday, February 24, 2017

මචන්, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයං

සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන රැඩිකල් මතදාරීන්ගේ තෝතැන්නක්.

ඒත් මේ සමහර රැඩිකල් මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය.

බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම සමාජයේත් ඔහු දකින අඩු ලුහුඬුකම් අවංකව කොන්දේසි විරහිතව විවේචනය කරනවා කිසිම පක්ෂපාතීත්වයකින් තොරව.

ඒත් ඔහු කොයිම වෙලාවකවත් ඔහු ඉගෙන ගත්තු කොළඹ හතේ මහ විසල් පාසල කාටවත් විවේචනය කරන්න දෙන්නේ නෑ. එහෙම කරන කොට බණ්ඩාගේ මිතුරාට හරියට කේන්ති යනවා බණ්ඩා දැකලා තියෙනවා.

“මම මචන් ජාතිවාදයට විරුද්ධයි, ආගම්වාදයටත් විරුද්ධයි. ඒත් මම ඉගන ගත්තු මහ විසල් ඉස්කෝලේ කවුරුන් හරි විවේචනය කරද්දි මට මහ කේන්තියක් එනවා.
මට මාවම කියවගන්න බැරි වෙන්නේ ඒ වගේ වෙලාවට”

මේ පරස්පර විරෝධී හැසිරීම බණ්ඩාට පේන්නේ මහ විකාරයක් විදිහට

එක්තරා ආකරයකින් මේක හරිම උත්ප්‍රාස ජනකයි..!

ඇයි මෙහෙම වෙන්නේ?

බණ්ඩා ඉගෙන ගත්තේ ඔය සෝ කෝල්ඩ් මහ විසල් පාසලකින් නෙමෙයි. ඒත් බණ්ඩාට මහ විසල් පාසල්වල ඉගෙන ගත්තු යාළුවෝ ඉන්නවා. ඒ අය කියන දේවල් වල විදිහට බණ්ඩාට තේරුන දෙය තමයි ඒ අයට පොඩි කාළේ ඉදලම මේ මහ විසල් පාසල් ගැන විශේෂ හැඟීමක් ඔළුවට කාවද්දලා තියෙන බව

“මල්ලි අපිට අවුරුදු සීය ගාණකට වඩා වැඩි ට්‍රැඩිශන්ස් තියෙනවා. අපේම කියලා කල්චර් එකක් තියෙනවා. ඒවා අපි ආරක්ෂා කරන්න ඕන”

මේ මහ විසල් පාසල් වල දිවිහිමියෙන් අරක්ෂා කළ යුතු, ට්‍රැඩිශන්ස්, කස්ටම්ස්, නොර්ම්ස් තියෙනවා. ඒ මහ විසල් පාසල් වල කොටසක් වෙන්නනම්, මේ සම්ප්‍රදායන්, චාරිත්‍ර, සිරිත් විරිත් අකුරටම පිළිපදින්න ඕන.

මේ මහ විසල් පාසල් වල කොටසක් වීම මඟින් එම පුද්ගලයාට සාමාන්‍ය සමාජයෙන් වියුක්ත සුවිශේෂී ගෝත්‍රයකට ඇතුළු වෙන්න ටිකට් එකක් හම්බෙනවා.

“මල්ලි ඔයා අද ඉදලා ආනන්දියන් කෙනෙක් කියලා මතක තියා ගන්න”

“වන්ස් අ රෝයලිස්ට්, ඕල්වේස් අ රෝයලිස්ට්”

තමන් ගැන ආඩම්බර වෙන්න වෙන කිසිම දෙයක්, පුද්ගල දක්ශතාවක් නැති අයට පවා මේ මහ විසල් පාසල් ගෝත්‍රයට අයිති වීම නිසා එම පුද්ගලයට සමාජයේ සමාන්තර වයස් කාණ්ඩ වල අයවලුන්ට වඩා උසස් බව හැඟෙනවා.

මේකත් සුදු ජාතිකයෙක් වීම නිසාම ආඩම්බර වන, වර්ණ බේදවාදය පතුරන සුදු ජාතිකයන්ගේ KKK වගේ එක්තරා විදිහක ට්‍රයිබල් මෙන්ටලිටියක් කියලයි බණ්ඩාට හිතෙන්නේ.

මේ මහ විසල් පාසැල තුළදී පාසැල් ගීය, පාසැල් කොඩිය සහ පාසල් ලාංඡනය වගේ සංකේත කෙරෙහි වන්දනීය ස්වරූපයක් කුඩා කාලේ ඉදලම ළමා මනසට බලෙන්ම කාවද්දන නිසා කවුරුන් හරි මේ පූජනීය දේවල් විවේචනයට, ගැරහීමට ලක් කළහම මේ මහ විසල් පාසල් ගෝත්‍රිකයන්ට ගොඩක් කෙන්ති යනවා. ඒ වෙනුවෙන් ඔවුන් ගහ මරා ගන්න පවා යනවා.

බණ්ඩාට එතකොට මතක් වෙන්නේ හිට්ලර් සහ ස්වස්තික ලකුණ අතර ඇති දැඩි සහ සම්බන්ධය.

බණ්ඩාගේ මිතුරා මහ විසල් පාසලෙන් අස්වීම් සහතිකය අරගෙන ගොඩක් කලක් ගතවී ගිහිල්ලත් තම පාසලේ පාලකයින් ගැනත්, ගුරුවරුන් ගැනත්, තම පාසැල් සිසුන්ගේ විනය පිළිබඳවත් දක්වන්නේ දැඩි සැළකිල්ලක්.

“ගිය පාර පැරේඩ් එකේ අලියෙකුත් ගියා, මේ පාර කෝ අලියා?”

කිසිදා පිටුනොපාන මේ දැඩි භක්තිය, ශුද්ධවූ ළැදියාව දෙවෙනි වන්නේ කුමකටද කියන එක වෙලාවකට බණ්ඩාට ප්‍රශ්නයක්.

ඒ ආදරය, භක්තිය හිමිවන්නේ අනෙකාගෙන් තමන්ව වෙන් කරන, සුවිශේෂ කරන, ඔවුන්ගේ මනසේ ඇඳුන සර්වසම්පූර්ණ සංකල්ප පද්ධතියකට කියලා බණ්ඩාට හිතනවා.

මේ විසල් පාසල් වලින් නිර්මාණය කොට පුහුණු කරනු ලබන්නේ තමාගේ කණ්ඩායමට කොන්දේසි විරහිත ඇල්මකුත් තමාගේ නොවන කණ්ඩායම් වලට එදිරිවාදී හැඟීමකුත් දනවන චින්තන රටාවක්

පාසල්වාදයෙන් ආරම්භවන මේ චින්තනයේ පදනමම ජාතිවාදය සහ ආගම් වාදය වගේ ගෝත්‍රික සංකල්ප වලටද මූල බීජය වනවා

අනෙකාට වඩා තමන් උසස්ය, සුවිශේෂීය කියා උගන්වන.. සමාජයේ අනෙකාගෙන් තමන්ව වෙන්කරන අනන්‍යතාවයක් නිර්මාණය කෙරෙන.. මහ විසල් පාසැලකට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වයක් දක්වන රාමුවකට හිරවි සිටින පරපුරක්, මානව සංහතියට පොදුවේ ආදරය දක්වන්න පුළුවන් වෙයි, අනෙකාගේ දුකේදි සහකම්පනය වෙයි කියලා බණ්ඩා හිතන්නේ නෑ.
මේ පටු අදහස් වලින් ඤාණය නිවහල් කර ගන්න, වර්ගවාදී, ගොත්‍රවාදී, ආගම්වාදී (religion based), ලිංග බේදවාදී (gender based), අධ්‍යාපන ක්‍රමය සහමුළින්ම කඩා බිඳ දමලා බින්දුවෙන්ම පටන් ගන්න ඕන කියලයි බණ්ඩාට හිතෙන්නේ.

ඒක පටන් ගන්න නම් ඉතින් තිහ, හතළිහ පැනපු අන්කල්ලා සෙට් එක මුලින්ම මේ මහ විසල් පාසල්වලින් අවුට් කරගෙන ඉන්න වෙනවා.

මචන්.. රටයි ලෝකෙයි හදන්න කලින් පින් අයිතිවෙයි ඉස්සෙල්ලාම ඉස්කෝලෙන් අවුට් වෙලා හිටහං…!

- පැරණි සටහනකි

8 comments:

  1. 😂😂.. හිනා කාල පනයනව බන්. මම බුකිය වහල අවුරුදු තුනක් විතර. හේතුව යහළුවන් ශෙයා කරන ආගම්වාදී ජාතිකවාදී දේශපාලන පොස්ට් නිසා බුකිය තුක් නොදකින් කියල හිතුන.

    දැන් නම් මම ගියපු ඉස්කෝලේ ලොකු කරන් ඉන්නෙ ශිෂ්ශත්වේ වගේම උසස්පෙළ කරන්ට ආපු අවුන්. 🤣🤣..

    මෙහේ ආව මුල් දවස්වල ලංකාවේ අනිත් අවුන් මට හෙන කින්ඩිය මම ගාල්ලේ නිසා. හය්යෝ උබ ගාල්ලේද? xxxx ඉස්කෝලේද ගියේ කියල හිනා උනා.

    උන් කොලබ නිසා මම උන්ව මුරුන්ගත්තේ තියන්න අවුලක් නෑ මම ගාල්ලේ. ඒත් උබල කොලබ රෝයල් පතන නේ ගියේ කියනකොට උන් කිව්වෙ හයියෝ රෝයල් පතන කියන්නෙ ඉස්කෝල ද කියල.

    එහෙම කියද්දි මට තේරුනේ උන්ට ලොකු අප්සට් එකක් තියෙනවා වගේ ඒ ඒ ඉස්කෝල වලට යන්න බැරි උන එක ගැන..

    නිකං මිදි ඇඹුලයි වගේ.. 😩.. පව් නේ බන් ඕව උන්ගේ මුනටම කියන්න. හීන දකින්නත් ඒ හීන වලම උන්ට ජිවත් වෙන්න තියෙන එකත් උන්ගෙ අයිතියක්නේ..

    අනේ මන්ද බන්.. ලංකාව කවදාවත් ගොඩ එන්නෙ නැත්තෙ මෙන්න මේ වගේ ගොං පාට් නිසා තමයි.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බං. ආගම්වාද, වර්ගවාද මදිවට පාසල්වාද

      Delete
  2. මේකනේ වැඩේ... ඔය නඩේ මැද්දාවේ ඉඳන් 'මේ මොන විකාරයක්ද' කියන මම අමුතු එකී වෙනවනේ. අම්බෝ මාර පොෂ් නේ අපේ ඉස්කෝලේ. පොඩි එකා සන්දියේ ඉඳන්මයි ගියේ.. ආදරේ නැත්තෙත් නෑ ( ඇත්තෙත් නෑ ?... තරහක් නෑ ) ඒ උනාට ඕක පෙන්නන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. කට්ටිය එකතු වෙලා තමාගේ ඉස්කෝලේ ගුණ වරුණාවෙදි ඔය වගේ දෙයක් මූණටම කියලා දාන්න පට්ට අමාරුයි :)

      Delete
  3. දුකම සීන් එක කියන්නෙ මෙහෙත් මම දැකල තියෙනව ලංකාවේ ඇවුන් උං ගිය ඉස්කෝලේ ලංකාවේ කැම්පස් වල ටී ෂර්ට් ඇඳන් යනව. පව් බන් නේද..?? 🙈🙈🙈🙈

    ReplyDelete
    Replies
    1. ඒක තවත් ඔලුවෙ අමාරුවක් බං

      Delete
  4. ඔය ඕල්ඩ් බෝයිස්/ගර්ල්ස් කතන්දරේ මේනියාවක් සහ මාෆියාවක්. මේනියා කාරයෝ වැඩියි. මමත් ඔය ලොකුම ලොකු එහෙකට තමයි ගියේ. ඒ කාලෙම ඉස්කෝලෙන් අවුට්වුනා.

    ReplyDelete
    Replies
    1. අපේ අයියලා අන්කල්ලා ගොඩකට තියෙන අවුල තමා ඕක. හැට පැන්නත් තාම ඉස්කෝලෙන් අස්වීමේ සහතිකය අරගෙන නැති එක

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...