Sunday, October 22, 2017

ගුරුවරියකගේ මතක සිටිය යුත්තේ ගුරුපුටුවේද සිරගෙදරද?



වෙනත් සිද්ධියක් හරහා නැවතත් කතාබහට පැමිණ ඇති ගුරුවරියකගේ මතක බ්ලොගයේ  "වේවැල් පහර හැට පහේ" පෝස්ටුව ගැනයි මේ සටහන. අදාල පෝස්ටුව පළවූ දිනයේ එයට මමත් කමෙන්ට් කලා. මම කෙටි කමෙන්ටුවකින් ගුරුවරියගේ ක්‍රියාවට විරෝධය දැක්වූවා. මම කමෙන්ට් කරද්දි කමෙන්ට් තීරුව ඔච්චර ඇවිලී ගිහින් තිබුනේ නැහැ. පසුවයි දැනගන්න ලැබුනේ ඉතාම සරල කාරණයක් නිසා බ්ලොග්කරුවන් අතර සෑහෙන මතභේද ඇති වෙලා තියෙන බව.

පසුව ඔය බ්ලොග් පෝස්ටුව ගැන බ්ලොග් ලෝකයේ ඇති වූ සංවාද තැනින් තැන දැකගන්න ලැබුනා. ඔය වේවැල් පහර හැටපහ ගැන මගේ මතය දාන්න දැන් තැනක් නැහැ. අදාල පෝස්ටුව අයින් කරල බව තැන් දෙකතුනකම දැක්ක නිසා. එනිසා ඒ ගැන මගේ මතය මෙතනවත් කියල හිත නිදහස් කරගන්නයි මේ බලන්නෙ (මේක පරණ කුණුගොඩවල් ඇවිස්සීමක් විදියට දකින අයට දැන් මේ සටහන කියවන එක නවත්වන්න පුළුවන්)

.....

ගුරුවරිය කලේ පැහැදිළිවම වැරැද්දක්. ශිෂ්ඨ සමාජයක් තුල ඒ ගැන විවාදයක් නැහැ. ඒ ක්‍රියාව වැරැද්දක් බව දැනගෙන කලාද නොදැන කලාද කියන එක අදාල නැහැ. ඒ වගේම ගුරුවරිය ළමයින්ගේ අභිවෘදිය කෙරේ කරන අනෙක් ක්‍රියාකාරකම් සහ ගුරුවරිය ළමයි ගැන දරන ආකල්පයත් මේ කාරණයට අදාල නැහැ. වෙනත් ගුරුවරුත් ළමයිට ඔයිට වඩා ගහනවා කියන එකෙනුත් මේ ගුරුවරියගේ වැරැද්ද නිවැරදි වෙන්නේ නැහැ. අපි නරක සිතින් කරන වැරදි වගේම හොඳ හිතින් හොඳක් කරන්නය කියල හිතාගෙන කරන වැරදිත් තියෙනවා. සමහර විට මේ සිද්ධිය එහෙම එකක් වෙන්න ඇති. නමුත් ඉන් වැරැද්දේ බරපතලකම නැතුව යන්නේ නැහැ.

ඔය සිද්ධියට මගේ දරුවෙක් මුහුණ දුන්නා නම් මම ඔය ගුරුවරියට විරුද්ධව නීතිය ඉදිරියට යනවා අනිවාර්‍යෙන්. ඇයට ලබා දිය හැකි උපරිම දඬුවම ලබා දෙනවා.

දරුවන් ඉලක්ක කරගෙන වැඩිහිටියන් කරන මෙවැනි අමානුෂික පහරදීම් වලට නීතියට අනුව ලැබෙන උපරිම දඬුවම මොකක්ද කියා මා දන්නේ නැහැ. නමුත් කා අතින් සිදුවුවද සිතා මතා කරන මෙවැනි ක්‍රියා වලට ලැබිය යුතු උපරිම දඬුවම් ලැබිය යුතුයි.

පීඩිතයාට සිදුවූ අසාධාරණය ගැන අනෙකුන් කතා කරද්දී පීඩකයා බබා පාර්ට් දමනවා මම පුද්ගලිකව දුටු පළමු අවස්ථාව මෙය නොවේ.

මේ ගුරුවරියගෙන් පහර කෑ දරුවා වේවැල් පහර හැටපහක(?) වේදනාව, පීඩනය දරාගෙන සිටියාට පහර දුන් ගුරුවරියට ඇයගේ ක්‍රියාව ගැන එල්ල වෙන විවේචන දරා ගෙන සිටීමට සෑහෙන අපහසු බවකුයි ඇය තැනින් තැන පල කල තිබුන අදහස් වලින් මා දුටුවේ. එහි ඇති උත්ප්‍රාසය මම වගේම අනිත් අයත් දකින්න ඇති කියා මා හිතනවා. බ්ලොග් ලෝකයට බ්ලොග් එකක් අඩුවේය කියල බයෙන් හෝ තමා යහපත් කියල තමාම කියාගන්නා බ්ලොග්කාරියකගේ හිත රිදෙයි කියා බයෙන් දැන හෝ නොදැන කරන මේ වගේ බරපතල වැරැද්දක් සම්බන්ධයෙන් නිහඬව සිටීමට මගේ කිසිම අදහසක් නැහැ. කමෙන්ට් කිරීමේදී ශේප් න්‍යාය පාවිච්චි කොට සියල්ලන් බැලන්ස් කිරීමටවත් ගුරුවරියව බබා උකුන් කිරීමට හෝ මගේ කැමැත්තක් නැහැ. පැසසිය යුතු දේ ඉහළින් පැසසිය යුතුසේම විවේචනය කල යුතු දේ නිර්ධයව විවේචනය කල යුතුයි.

මැය මගේ මේ අදහස දැක බ්ලොග් ලෝකයෙන් සමුගන්නවාද (තවම සමුගෙන නැත්නම්), ගුරු වෘතියටම ආයුබෝවන් කියනවාද කියන එක මට අදාල නැහැ. මන්ද, දරුවන්ට තමා කොච්චර සේවයක් කරනවා කියා හිතන් හිටියද, දරුවන් කෙරේ තම සිතේ කොපමණ ප්‍රේමයක් තිබුනද, දරුවෙක් අතින් වන 'කිසිම වරදකට' වේවැල් පහර හැට ගනනක් හෝ ඊට ආසන්න අගයක් පහර ගහනා කෙනෙක් ගුරු වෘතියේ නියැලීමට කිසිසේත් නොගැලපෙන නිසා.


ප/ලි - 

1. අදාල සිදුවීම ගැන මගේ අදහස මෙයයි. මෙය ඔය කියන බ්ලොග්කාරිය සමඟ ඇති පුද්ගලික තරහක් නිසා ලියූ සටහනක් නොවේ. ඇය කලාය කියා ඇයම කියනා ක්‍රියාවක් සම්බන්ධව අදහස් දැක්වීමක් පමණි.

2. අදාල ගුරුවරිය දැන් බ්ලොග් ලෝකයේ සිටිනවාද නැද්ද යන කරුණද මට මගේ අදහස ඉදිරිපත් කිරීමේදී අදාල නැහැ. මන්ද එදිනෙදා අපි දකින සිද්ධි හරහා ඇතිවන ආකල්ප ගැන කතිකාවත වැදගත් බව මා සිතන නිසා.

3. මේ සිදුවීම ගැන බ්ලොග් ලෝකයේ සියල්ලන් වගේ තම තමන්ගේ අදහස් ප්‍රකාශ කර ඇති බව දන්නවා. මේ සටහනට ප්‍රතිචාර විදියට බොහෝ දෙනෙක්ට ඒ නිසා අලුතෙන් කියන්න දෙයකුත් නැතුව ඇති. එය ගැටළුවක් නොවේ. මේ සටහනේ අරමුණ මෙතෙක් මා ඉදිරිපත් නොකල මේ ගැන මගේ අදහස ඉදිරිපත් කිරීම පමණයි.

22 comments:

  1. පෝස්ට් එකක් දැමීම ගැන ස්තුතියි. ඔබ වැනි කෙලින් කතා කරන ඍජු පුද්ගලයන් හදුනාගැනීමට ලැබුන මේ සයිබර් අවකාශයට මම ආදරෙයි. ඔබ කියන දේම තමා මටත් කියන්න තියෙන්නෙ. ඔය ප්‍රශ්නය ආ වෙලාවෙ ගුරු වෘත්තියේ යෙදෙන බ්ලොග්කරුවන් පිරිසක් වෘත්තික ගෝත්‍රික හැඟීම නිසා ගුරුවරිය සාධාරනීකරනය කලා.
    බ්ලොග් ලියන කාන්තාවන් ඇයගේ ක්‍රියාව සාධාරණීකරනය කලේ ලිංගිකත්වය සලකා බලලායි. ගුරුවරිය ඇයගේ පිළිතුරු ලිපියක සදහන් කලා කාන්තාවක් නිසාද මේ ගැරහුම් කියල.
    ඒ කියන්නෙ ඇය දන්නව ලිංගිකත්වය ඉස්මතු කිරීමෙන් ඇය වෙනුවෙන් පෙනී සිටින්නට පිරිසක් ඇතිවෙන බව.

    ඇය අඩන්න ගත්තනම් පිරිමි බ්ලොග්කරුවනුත් ඇය වෙනුවෙන් පෙනී සිටිනවා .හොද වෙලාවට ඇඩුවෙ නෑ. කිඹිසිමා ලනෙ මේකෙ ඉන්නෙ. මට විරුද්ධව රැල්ලක් හමන්න යනකොට මට ඒක තේරිලා මම අඩියක් පස්සට ගත්තා. ගුරුවරිය ගැන අනුකම්පාවකුත් මට ඇතිවෙලා තිබුනා.

    හැබැයි මට මෙහෙම හිරිහැර විදින්න වෙන බව දන්නවනම් මම මේ පෝස්ට් එක දාන්නෙ නෑ.

    ගුරුවරිය දුන් අමානුෂික දඩුවම ගැන කතා කරපු මම වැරදියි.
    ඒක පාදක කරගෙන ළමා හිංසනය ගැන කතා කරපු මම වැරදියි.
    දඩුවම හරිලු ඇය කාන්තාවක් නිසා. ටීචර් කෙනෙක් නිසා.

    මේ සමාජයෙන් මට අහන්න තියෙන්නෙ මෙච්චරයි.
    අපි යමක් හරිද වැරදිද කියල බලන්න ඕන වැරැද්ද කරන පුද්ගලයගෙ රැකියාව දිහා බලලද
    එහෙම නැත්නම් ඒ පුද්ගලයගෙ ලිංගිකත්වය දිහා බලලද
    නැත්නම් ගෑනියෙක් අඩනකොට කිඹිසිමාලට ඇතිවෙන දුක වේදනාව බලලද

    වැරැද්ද වැරැද්ද විදියට දකින්න ඕන. කාන්තා අයිතීන් ගැන මහ ඉහලින් කතා කරන ,කාන්තා ව්‍යාපාර ඉතා ශක්තිමත් දියුණු රටවල කාන්තාවන් ලිංගිකත්වය මත ප්‍රශ්න දෙස මෙහෙම බලන්නෙ නෑ. ඒ රටවල මෙහෙම කිඹිසිමාලත් නෑ. ඔහොම පෝස්ට් එකක් වැටුනනම් ගුරුවරියට විරුද්ධවයි හැමෝම කොමෙන්ට් කරන්නෙ .එකෙක්වත් පක්ෂව කතා කරන්නෙ නෑ.
    ඒක තමා යුක්තිය සාධාරත්වය කියන්නෙ.

    ළමා අයිතිවාසිකම් හා වෙනත් නීති හදනකොට ව්‍යතිරේක දානවද අසවල් පනතේ කුමක් සඳහන් වුවද කාන්තාවක් මෙම වරද කලොත් ඇය නිදොස් කොට නිදහස් කළ යුතුය කියල. එහෙම නෑ මම දන්න තරමින්.

    සංවාදය අතරතුර එකවරම මට ටික්කා අමු තිත්ත කුනුහරපෙන් බැනල තර්ජනය කරන්න ගත්ත. මමත් මේ වගෙ අවස්ථාවක ක්‍රියාකරන හැටි තේරුම් ගන්න තරම් මෝරල හිටියෙ නෑ සයිබරයෙ. ඔබ කිව්ව වාගෙ ෆේස්බුක් වල කරක් ගහල තිබ්බනම් මට මේව ට ප්‍රතිචාර නොදක්වා ඉන්න තරම් පන්නරයක් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය ටික්කාගේ කතාව අත ඇරලා දාහන් බං.

      උඹේ කමෙන්ට් එක ගැන අදහස කියනවා නම්, මට නම් ගුරුවරිය ගැන කිසිම අනුකම්පාවක් නැහැ. අනුකම්පාවක් තියෙනවා නම් තියෙන්නේ, ඇයත් අපේම සමාජයේ නිර්මාණයක් කියන කෝණයෙන් බලද්දි විතරයි.

      කොහොමත් ප්‍රශ්නයක් වුනාම, තමන්ගේ කකුල් දෙක මැද්දේ තියෙන අහවල් එක ඉස්සරහට දාලා

      "අනේ මගේ කකුල් දෙක මැද්දේ තියෙන්නේ මේක. ඒ කියන්නෙ මම ගෑණියෙක්. මම ගෑණියෙක් නිසා මට සැර වෙන්න එපා. මං හරිම සංවේදියි. මට පොඩ්ඩ බැරි වෙද්දි ඇඬෙනවා. ගෑණියෙක්ට රිද්දනවද හරිහමං පිරිමි? මේං බලන්න මගෙ ඇස් වල කඳුළු. ඔන්න මම අඬනවා.. අඬනවා.. ඔන්න මම අඬන්නයි යන්නේ...."

      වගේ කතා කියන එක නම් සාමාන්‍යය දෙයක්. ඕන වෙලාවට සම සැලකුම් ඉල්ලන්නයි ඕන වෙලාවට ගෑණුකම ඉස්සරහට දාලා වාසි ගන්නයි ගොඩක් ගෑණු මාරම රුසියො.

      මම නම් ඔය ලණු කන්නේ නැහැ. වැරද්දක් නම් පිරිමි ගැහැණු බව අදාලම නැහැ. අපිමනේ වචන තුන්සීය හාරසීයෙ පෝස්ට් ලියන්නෙ, ගෑණු පිරිමි කියල වෙනස් සැලකිලි ඕන නෑ කියල.

      මහින්දට අම්බානට බැන්න උන්ගෙන් සමහරු පවා අන්තිමට කිව්වා කොච්චර වුනත් පැරදිලා මහින්ද වාහනේට නගිද්දි දුක හිතුනා කියලා. ඒ මෙන්ටැලිටියේම අනිත් එක තමා මේක. පීඩකයා කෙරේ පෙමින් බැඳීම.

      ගුටිකන ලමයි ගැන තියෙන සංවේදීත්වය ගෑණු අහවල් එක දකිද්දි එන සංවේදීත්වයට යටයි.

      "අපි හරිම සංවේදී ජනතාවක් නොවැ"

      කවුරුත් තරහ වෙන්න එපා මෙහෙම සෘජුව අදහස් ප්‍රකාශ කලාට. මම ඇත්ත කියල හිතෙන දේ මම කියන්නෙ.

      Delete
  2. මචන් ජේමිස්..! සමාවෙයන්. මුලින්ම උබේ බ්ලොග් එකේ අවම කුණුහබ්බෙන් කතා කරන්ට උන නිසා.මේ මද්‍යස්ථ මතදරියා පස්සෙ වෙන එකෙක් ඉන්නෙ. මු එක්ක මම ඇරගෙනත් මුගෙ හැතිකරෙත් මට බ්ලොග් පොස්ට් පවා ලිව්ව.
    මචෝ මම හෙනම ආස බ්ලොග් එකක් තමයි උබේ බ්ලොග් එක. නමුත් බ්ලොගර් ල නන්නත්තාර කරන පොඩි සීන් එකක් මෙතන යනවා. මේක කරන්නෙ කවුරුවත් නෙමෙයි "£$න්" කියන මනුස්සය.

    ReplyDelete
    Replies
    1. මංද බං. උඹල ඔය ප්‍රශ්නෙ බේරගන්න බලහන්කො.

      Delete
    2. මට මුං එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ මචන්. මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නේ ඉයන් සහ රසිකොලගිස්ට්. අපි බලමු.

      Delete
    3. මම මුලින් හිතුවෙ මාව බයිට් එකට අරන් වත්ද කියල. මට බ්ලොග් අවකාශයෙ හමුවෙලා තියෙන්නෙ ලක්මාල් කන්දෙවිදානෙයි පත්තර මල්ලි ( සිනෙත්‍ර ) විතරයි. ඒ දෙන්න බොරැල්ලෙ බ්ලොගර් කෙනෙක් හමුවෙලා මාවත් මුනගැහෙන්න මගෙ ඔෆිස් එකට ආව. මම ඉස්සරහින් වත් පිටිපස්සෙන්වත් කවුරුත් නෑ. උබට එවපු ඊ මේල් අපි ඇරගත්ත දවස්වල වුන දේවල්. උඹත් මට අපහාස කලානෙ දරුණු විදියට. මේ ටික්කා මම එකක් කියන්නම් . උබට විරුද්ධව මම කිසිම කුමන්ත්‍රනයක් කරල නෑ. මම ගැන වැරදි වැටහීමක ඉන්නවනම් ඒක හිතින් අයින් කරගනින්. උඹට විරුද්ධව වෙන කුමන්ත්‍රන තියනවද මම දන්නෙ නෑ. මට අදාල නෑ. බොරුවටමිනිස්සු සැක කරන්න එපා

      Delete
    4. මේ මචන් ටික්කා. මට උබත් එක්ක කතා කරන්න ඕන . උඹේ අතේ වැරැද්දක් නෑ. උඹ නොමග ගිහින්. මට උබ එක්ක තරහක් නෑ. මගේ මිත්‍රත්වයේ හස්තය පිලිගනින්. මට ඕන උබ තුල මම ගැන තියන වැරදි වැටහීම නැති කරන්න.

      Delete
    5. තොපි දෙන්නටම පිස්සුද බොලව්

      Delete
    6. අටම. නෑ බං. මේ පාර මූ අහක යන නයෙක් රෙද්ද අස්සෙ දාගත්ත. මානසික රෝගියෙක්ද ද කොහෙද?

      Delete
  3. මච්න් මම ඔය පෝස්ට් එක කියෝල නෑ..... මුලුන්ම ඒක කියන්ඩ ඕන....
    ඔය කියන මිස් ලමයට නික්න්ම ගැහුවද? නැත්නම් වැරැද්දකට ගැහුවද? වැරැද්දකට වුනත් මෙච්චර ගහපු එක ටිකක් අවුල් වගේ... ඒ වුනත් අපි ගුටිකාල තියන විදිහට අපිට ගහපු ගුරුවරුන්ව එල්ලුම් ගස් යවන්ඩ ඕන පවුද්ගලිකව මාව කමිසෙන් ඇදල කනට ගහල තියනව ඉන්ගිරිසි උගන්නපු සර් කලු ලෑල්ල පැත්ත හැරිල බෝඩ් එකට අත තියන්ඩ කියල පුක පැලෙනකන් ගැහුව මුලු පන්තියටම පේන්ඩ තඩි ඇගත් උස්සන් පිට්ටනිය වටේ දුවන්ඩ කියල තියනව සමාජ අද්‍යාපනය උගන්නපු බ්‍රොදර් පිටව්ල් පලල තිය්නව අපිත් පොලීසි ගියානම් ඒ අය ඔක්කොම හිරේ

    ReplyDelete
    Replies
    1. ළමයෙක්ට මොන වැරැද්ද කලත් ගහන එක ටිකක් නෙමේ හොඳටම අවුල්. මමත් ඉස්කෝලෙ ගිය කාලෙ අම්බානට ගුටි කාලා තියෙනවා. අපි ඒ කාලේ පොලිසි ගියා නම් අද තත්වය මීට වඩා සෑහෙන යහපත් වෙන්න තිබ්බා.

      (ශාරීරික වධහිංසනයට පත් කිරීමෙන් සහ ප්‍රසිද්ධියේ ලජ්ජාවට පත් කිරීමෙන් දරුවෙක් තුල සදාචාරාත්මක ගුණවගාව සිදු කල නොහැකි බව දැන් ඔප්පු වී ඇති කාරණයක්. දියුණු රටවල් බොහෝමයක දරුවන්ට පහර දීම නීතියෙන් තහනම් කරලා තියෙන්නේ ඒ හේතුව නිසයි)

      Delete
  4. විකේන්ද්‍රික, මේ කථාව මතුවෙලා ආවේ මධ්‍යස්තගෙයි ටික්කගෙයි ප්‍රශ්නේ නිසා වුනත්, අපිට මේ ගුරුවරුන්ගේ නොමනා හැසිරීම් ගැන කතා කරන්න ආයෙත් කාලීන වට පිටාවක් හැදිල තියෙන්නේ.
    ඒ ගැන අපූරු ලිපියක් ඉකොනොමැට්ට ලියල තියෙනවා.
    දැරියක් වමනේ කල පලියට ගැබිනියක යැයි චෝදනා කොට පාසලෙන් නෙරපීම.
    අපිට එක වරම හිතෙන්නේ මුන් ගුරුවරුද කියලා.

    ගෑනු කම ගැන මෙතන කථා වූ නිසා කියන්නේ, ඒ ප්‍රවෘත්තිය දුටු ගමන් මගේ බිරිඳ (ගුරුවරියක්) ඇහැව්වේ මුන් ගෑනුද කියල.

    මෙක ගෑනු කමවත් ගුරු කමවත් ගැන ගැටළුවක් නෙවෙයි. තමන් සතුව සමාජය තුල නැති අධිකාරී බලයක් එසේ පෙන්විය හැකි කිඩාම තැන මත හෝ පතුරුවා හැර තමන් බලවත් යැයි සිතා ගැනීමට ඇති හීන මානී මානසික තත්වයක්.

    මේක පාරෙදී ගොන් පාට් දාන පොලිස් කාරයගේ ඉඳලා, ආන්ඩුවේ කන්තෝරුවේ රැස් විහිදාගෙන වටේ දුවන පියන් මහත්තයගේ ඉඳලා
    සියළුම සමාජ ස්තර වල දැකිය හැක්කක්.

    මෙවා විවේචනය කල යුතුමයි.

    මධ්‍යස්තගේ හා ටික්කගේ වලිය
    ටික්ක ගේ බ්ලොගය නම් මා එතරම් පරිශීලනය කල වගක් මතකයේ නැහැ.
    මධ්‍යස්තනම් මා කොතෙකුත් ගැටෙන හා සාකච්චා කරන කෙනෙක්.

    කොහොම වුනත් මධ්‍යස්ත මිත්‍රත්වය දිගු කිරීම මටනම් හරිම සුන්දර දසුනක්. යට ගියාව වලදාලා උඹලා සමගි වෙයල්ල බං

    ReplyDelete
    Replies
    1. නයන.
      මිනිස්සු කතා කරනකොට හරි ලස්සනයි. මේ ප්‍රශ්නය මම මග ඇරල හිටියෙ. ඒත් මේ මනුස්සය අවුරුද්දකට සැරයක් යන්නෙ කොහෙද මල්ලේ පොල් තියරියට මගෙ පස්සෙන්ම එනව. අනික මේ උපාසක වගේ හිටියට මට මරු ඊ මේල් දෙකක් එවල තිබ්බ. මටනං බ්ලොග් වලින් චරිත සහතික අවශ්‍ය නැහැ. හැබැයි බ්ලොග් ඔස්තාර් ල බ්ලොග් උසාවිය කියල හීනෙන් හිතන් ඉන්න අය මේ සම්බදව මම ගැන බ්ලොග් පොස්ට් හිටං ලිව්ව. ඇයි මේ එක සැරේ මේ මනුස්සය සාමයට අත දික් කරන්නේ...???

      Delete
  5. මේ කියන ලිපිය කියවා නැති නිසා නිවැරදිම අදහසක් නෑ. ගුරුවරියකගේ මතක බ්ලොග් එක මට සෙට් වෙන්නෙ නෑ.

    මගේ අදහස නම් අපිට ගුරුවරු (සරලවම ගත්තොත් අනෙක් වැඩිහිටියෝ) හදන්න බෑ. හැම රැකියාවකම එයට සුදුසු සහ නුසුදුසු පුද්ගලයින් සිටිනවා. මගේ දරුවෝ හදන්නේ ගුරුවරුන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් අඩුවෙන්ම බැණුම් අහන සහ ගුටි කන පිළිවෙලට.

    වේවැල් පහර හැට පහක් ගහන්න තරම් ඒ දරුවා කරපු වැරැද්ද මොකද්ද කියලා හිතා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මටත් ඒක සෙට් වෙන්නේ නැ .... හෙන පොයිය බං

      Delete
    2. මොන වැරැද්ද කලත් දරුවෙක්ට ඔහොම පහර දෙන්න පුළුවන් කියල හිතන මිනිස්සු ඉන්න සමාජයක ජීවත් වෙන්න ලැබීමත් අභාග්‍යයක්.

      ලක්මාල් - හරියට හරි. ඒ ගුරුබබාගේ තියෙන්නේ තනිකර පොයිය. හරිම වචනය ඒක

      Delete
  6. Replies
    1. මේ ලින්ක් එකට ගිහින් කමෙන්ට් කියෙව්වා. හෙණම අවුල්. අවුල් සීන් එක ගුරුවරිය ගහපු එකටත් වඩා, ඇය ඒ ක්‍රියාව දිගින් දිගටම සාධාරණීයකරනය කරමින් බබා පාර්ට් දැමීමටත් වඩා ලාංකේය සිංහල බ්ලොග් අවකාශයේ ඈයන් ඒකට දක්වලා තියෙන ප්‍රතිචාර කියවන එක.

      හරිහමන් විදියට අදහසක් ප්‍රකාශ කරල තිබ්බෙ රාජ් සහ රසික විතරද කොහෙද. රසික විතරයි අහල තිබ්බේ පාරවල් හැටපහක් නෙමේ එක පාරක්වත් ගහන්න ඔයාට මොකක්ද තියෙන අයිතිය කියල.

      පළමු ලිපිය ඩිලීට් කරල නිදහසට කාරණා දෙසනව බබා වගේ. එයා 'හොඳ' විදියට කමෙන්ට් කලා කියල එයා කරපු වැරැද්දට බටර් ගාන්න දෙයක් නෑ. හරි දේ හරි වැරදි දේ වැරදි.

      ලාංකේය බ්ලොග් අවකාශයේ ඉන්න අය එකිනෙකාට බටර් ගාගන්නේ ඇයි කියල නම් මට තේරෙන්නේ නෑ.

      Delete
  7. මට මද්‍යස්ථ ගෙන් ඊ මේල් එකක් ආව. ඔබ කලින් එවපු ඊ මේල් ගැනත් සඳහන් කරල තිබ්බ. මට උවමනා කරලා තිබ්බේ අන්න එහෙම ඊ මේල් එකක්, මගෙන් සමාව ගන්නම ඕනත් නැහැ. මම ඔබ එක්ක කුණුහරුපෙන් හරි තර්ක කලේ මේ ප්‍රසිද්ද බ්ලොග් එකේ මගේ නමින්. ඒත් මම ඔබගේ ඊ මේල් එකට තර්ජන කලේ නැහැ. අඩුම තරමෙ ඔබ මට තර්ජනය කල ඊ මේල් වලට මම රිප්ලයි කලෙත් නැහැ. මම නීතිය ගැන ඔබට වඩා ගොඩක් ඉගෙනගත්ත මනුස්සයෙක්. මේක මෙතනිං ඉවරයි. හැබැයි බොරදියේ මාළු අල්ලන මිනිස්සුන්ගෙනුත් පරිස්සං වෙන්න. මේ බ්ලොග් එකට මම හෙනම මනාපයි. මම ගරු කරන මිනිස්සු හතර දෙනෙකුත් ඉන්නවා.
    01. මාතලන්.
    02. අටම.
    03. සා රස
    04. ඩොක්ට රුවන්.
    ඒ වගේම පිස්සු බල්ලොන්ගෙනුත් අඩුවක් නැහැ.

    ඔබට ස්තුතියි වගේම විකෙන්ද්‍රිකටත් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. උඹල දෙන්න ප්‍රශ්නෙ විසඳගත්ත නම් එච්චරයි. ජය වේවා ! :)

      Delete
    2. Hey Tikka,

      Only 4 guys???? WTF?
      What about numerous Ano readers whom supported & comment on behalf of you? It's not good to ignore them isn't it Tikka?

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...