Wednesday, October 18, 2017

මාර ඉස්කෝලෙ මාර පුත්තු



නම ගිය පාසලක ගුරුමාරුවක් ගැන සයිබරයේ ඇති වූ කතාබහක් හේතුවෙන් ලියවුන සටහනකි.


"...වසර දහයටකට වඩා වැඩි කාලයක් එකම සේවා ස්ථානයේ රැඳෙන ගුරුවරුන්ගේ සේවා ස්ථාන මාරු කල යුතු බව රටේ පවත්නා නීතියයි. 

එනයින්, එම නීතියට පිටිං යමින් ඔබ ඉගෙන ගත් පාසලේ වසර දහයකට වඩා වැඩි කලක් එක දිගට රැඳී සිටි ගුරුවරුන් වේ නම් ඔබ ඉගෙන ගත් පාසල රටේ පවත්නා නීතියට එරෙහිව යන හොර ගුබ්බෑයමකි. 

රටේ පවත්නා නීතිය නිසි ලෙසින් ක්‍රියාත්මක වීමට එරෙහි වන්නේ නම් ඔබ හොර ගුබ්බෑයමකින් බිහි වූ තක්කඩියෙකි. 

පවත්නා නීතියට එරෙහි වීමේ ඔබේ තක්කඩිකම සාධාරණීකරණය කිරීමට ඔබට අනේක හේතු තිබිය හැක. 

එසේ නීතියට එරෙහිව යාම යෝජනා කිරීමට නොයෙක් හේතු තිබීමත් ඔබේ තක්කඩි කමේම එක පැතිකඩකි..."

- උපුටා ගැනීම අවසන් -

අර ශෝචනීය හැසිරීමක් පෙන්වන ළදරුවන් පිරිස ගැන මට තියෙන අදහසට සමාන අදහසක් රවීෂ තිලකවර්ධන පල කරල තිබ්බා. ඒක තමා ඔය උඩ දාල තියෙන්නේ.

හරිම ලොකු උතුම් මෙව්වා කියල හිතාගෙන ඉන්න ලබ්බවල් ගැන සීන් වලදි කට්ටිය කොහොමත් ආගමික විදියට හැසිරෙන්නෙ. ගොබ්බයි ඉතින්.

මට තියෙන ප්‍රශ්නය මේකයි, හැමෝම හැදිලා තියෙන්නේ මේ වගේ පට්ටම පට්ට සිරාම සිරා මරු ශික්ෂණයකින් යුත් අම්බම සංස්කෘතීන් තියෙන අහවල් එකේ මුදුන් මල්කඩ වගේ ඉස්කෝල වල නම් ඒ විදියට හැදුන උන්ගෙන් පිරුන මේ සමාජයෙදි මේ මිනිස්සු මෙච්ච්ර කුජීත ඇයි කියන එක.

ඉස්කෝල මාර වුනාට ඉස්කෝලවල් වලින් අවුට් වෙන මිනිස්සු නම් මාර නැහැ.

මාරම සීන් එක නේ ඒක?

මොනව නැතත් "අපේ එක මාරයි" කියන බ්‍රේන් වොෂින්ග් එක නම් ළමයිට හැම ඉස්කෝලෙන්ම නො අඩුව ලැබෙන බව නම් පේනව.

ඉස්කෝලෙ ශික්ෂණය ගැන විනය ගැන සංස්කෘතිය ගැන කොච්චර දාර ටෝක් ඉෂූ කලත් ඊයෙ පෙරේදා මේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයන් බුකියේ හැසිරුන විදියට පේන්නේ ඔය "මාර" ඉස්කෝලෙත් කිසිම ඉවසීමක් නැති විනයක් නැති අපරිනත මිනිස්සු බිහි කරන තවත් නිකම්ම නිකන් ඉස්කෝලයක් කියල තමා.

කේන්ති ගන්න එපා, පේන දේ කිව්වේ.

තමන් මාරයි කියල හිතාගෙන ඉන්න මෙව්වා වලට වඳින උන් එක්ක හිනා වෙලා ඒ තමා මාරයි කියල හිතාගෙන ඉන්න මෙව්වා වලට මාර නැති විදියට සලකන උන්ගෙ ඇඟට කඩන් පනින එක නම් මේ අය ඔය මාර ඉස්කෝල වලින් ගන්න ශික්ෂණය, තව මොන කතාද ඉතින්.

තමා එක්ක එකඟ වෙන මතවාද එක්ක කටයුතු කරද්දි නෙමේ ශික්ෂණය සහ පරිනතභාවය කියන කාරණා ක්‍රියාවට නැඟෙන්නෙ, තමා එක්ක ගැටෙන මතවාද එක්කයි කියන එකවත් නොතේරෙන ගොබ්බ හැත්තක් තමා ඔය ඉස්කෝලෙනුත් බිහි කරල තියෙන්නෙ. (හැමෝම ඔහොම හැසිරුනේ නැති එක ඇත්ත. ඒත් සැලකිය යුතු පිරිසක් නැටුවනේ. ඉතින් හැම ඉස්කෝලෙකම ඔහොම තමා. සාපේක්ෂව හැදිච්ච සහ නැහැදිච්ච උන් දෙගොල්ලොම ඉන්නවා)

මාර ඉස්කෝලෙ මාර පුත්‍රයිනි,

මොකෙක් හරි උඹල එක්ක එකඟ වෙන අවස්ථා වලදි නෙමේ උඹල ඔය මාර ඉස්කෝලෙන් ගත්ත විනය කියන එක ඕන වෙන්නෙ, මොකෙක් හරි උඹල එක්ක ගැටෙන වෙලාවටයි ඒක ඕන වෙන්නෙ.

මිනිහෙක්ගේ ශික්ෂණය, පරිනතබව, විනය කියන එක මැනෙන්නෙ එතනදි.

උඹලගෙ ඉස්කෝලෙන් ඒක කියල දුන්නෙ නැත්නම් දැන්වත් ඉගෙනගනින්.

යමක් ගැන අදහස් ප්‍රකාශ කිරීම එකක්, රෙද්දෙ රෙවිලා වගේ දඟලන එක තවත් එකක්.

අවසානයේ කතාව සාරාංශ ගත කරනවා නම්,

"උඹල මාර නෑ බං.. උඹලගෙ ඉස්කෝලෙත් මාර නෑ. උඹලගෙ ඉස්කෝලෙත් මේ කුජීත වෙච්ච සමාජයට කුජීත වෙච්චි මීනිස්සු බිහි කරන තවත් එක කුජීත කම්හලක් විතරයි. "මම මෙහෙම වුනේ ඔය පාසල් මාතාව නිසාය".. ඕකනේ කතාව. උඹ කොහොම වුනේද බං? දැන් උඹ මාරද? ඉස්කෝලෙ නිසා උඹ දැන් මාර පොරක් වෙලාද? උඹ හිතන් ඉන්නෙ උඹ මාර පොරක් කියලද? අනේ පලයන් බං යන්න...

...උඹලගෙ ඔය මාර ඉස්කෝලෙත් රටේ තියෙන නීතියට යටයි. නීතිය ක්‍රියාත්මක කරන්න යද්දි සරම උස්සන් දඟලන එකෙන්ම පේනවා රටේ සම්මත නීතියට ගරු කරන්න උඹලගෙ ඉස්කෝලෙන් උඹලට කියල දීල තියෙනවද නැද්ද කියල. අනිත් පාසල් වලට බලපවත්නා නීතිය උඹලගෙ එකට විතරක් බලනොපාන්න හේතුවක් නැහැ කියන එක දැන්වත් තේරුම් ගනින්.

එනිසා මාර ඉස්කෝලෙයේ මාර හැදිච්ච මාර වස චණ්ඩි පුත්‍රයනි.

දඟලන්නෙ නැතුව පැත්තකට වෙලා  ඉඳින් බං"

11 comments:

  1. මාත් හරිම අප්‍රිය කරන දෙයක් ඔය පාසල්වාදය. මේක ජාතිවාද ආගම්වාද වලට එහා යන මහ විශබීජයක්. ආදිශිෂ්‍ය සංගම්වල ජාවාරම් නිසයි ඔය මාෆියාව තියෙන්නෙ. මේ පාසල් මාෆියා නිසා පීඩිත පාසල්වල සිසුන්ට අසාධාරණයක් වෙනවා. මේ නිසා පීඩිත පාසල්වල ආදිසිසුන්ට රැකියා ලබාදීමේදී විශ්ව විද්‍යාලවලට යාමේදී යම් කෝටාවක් දුන්නොත් නරකද.
    පාර්ලිමේන්තු නියෝජනයක් තිබ්බොත් වඩා හොදයි.

    චන්ද්‍රිකා යුගයෙදි සම ආව්ස්ථා පනත කියා එකක් ගෙනාව. ඒකට බමුණු පාසල් වලින් විරෝධයක් ආව. උන් කීවෙ මේක ගෙනාවෙ බුද්ධාගම නැති කරන්නලු. මට මතක් වුනේ යලුවො දෙන්නෙක් පාරෙ යනකොට මුදල් පසුම්බියක් ඇහිලුව එකෙක්. ඌ කිව්ව මේක ඇහුලුවෙ මම මට අයිති කියල. අයිතිකාරය ආවම කියනව අපි දෙන්න මේක පාරෙ තියෙද්දි නේද ඇහිලුවෙ කියල දැන් මොකද දෙන්නෙක් කලින් උබනෙ ලොක්ක වුනේ කියල අනික් එකා හැරිල ගියාලු.

    උඹලගෙ ඉස්කෝලෙ බුද්ධාගමට අවුලක් නම් උබල තනියම ඒක බේරගනිල්ල. උබලගෙ පාසල් මාෆියාවට එරෙහිව අපි ඕනම බලවේගයක් එක්ක ඉන්නවා කියල පීඩිත පාසල් වල අයට කියන්න තියෙන්නෙ.

    මේව කියද්දි හීනමානය නිසා කියනව කියල සමහරු කියනව. අපට හීනමානයක් නෑ මේ ක්‍රමය තුල පීඩිත පාසල්වලට සිදුවන අසාධාරනය ගැනයි කියන්නෙ. ඉන්දියාවෙ දාලිත් වරුන්ට කෝටා එකක් දෙනව වගෙ ලංකාවෙ පීඩිත පාසල්වල ආදිසිසුන්ටත් කෝට එකක් දුන්නොත් නරකද.

    සම අවස්ථා පනත වෙලාවෙ පීඩිත පාසල්වලින් උදවු ඉල්ලුව. තමන්ගෙ පොදු සතුරා ගැන නොදන්න පීඩිතයො උන්ට උදවු කලා. අපේ පොදු සතුරා කවුද කියල පීඩිතයන් මුලින්ම දැනගන්න ඕන. තම්බිල ජාවො නෙමේ පිටසක්වලයො එක්ක හරි එකතුවෙලා පොදු සතුරට එරෙහිව නැගී සිටින්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඇතැම් උසස් රැකියාවල පාසල් මාෆියාව තදට තියන බව අහල තියෙනවා. චන්ද්‍රිකා යුගයේ ගෙනා ප්‍රගතිශීලී පනතක් වන සම අවස්ථා පනත යළි ගෙන ඒමයි විසදුම. ජාති ආගම් කුල ප්‍රදේශ පාසල් ස්ත්‍රී පුරුෂ භේද නැතිව හැමටම සමානව සලකන්න කියල ඒකෙ කියන්නෙ. සමානාත්මතාවට විරුද්ධ අය මේක සුළු ජාතීන්ගෙ කුමන්ත්‍රනයක්ය කීව. ඇත්තටම පීඩිත පාසල්වල ආදි සිසුන් පීඩිත සුළු ජාතීන් සමඟ අත්වැල් බැදගත යුතුයි.

      Delete
    2. එකඟයි මචන්. අදහස් බෙදා ගැනීම ගැන ස්තූතියි

      Delete
  2. මේ රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන අවස්ථා කිහිපයක් සඳහා උදාහරණ කිහිපයක් ලබා දෙන්න.

    "මොකෙක් හරි උඹල එක්ක එකඟ වෙන අවස්ථා වලදි නෙමේ උඹල ඔය මාර ඉස්කෝලෙන් ගත්ත විනය කියන එක ඕන වෙන්නෙ, මොකෙක් හරි උඹල එක්ක ගැටෙන වෙලාවටයි ඒක ඕන වෙන්නෙ.

    මිනිහෙක්ගේ ශික්ෂණය, පරිනතබව, විනය කියන එක මැනෙන්නෙ එතනදි"

    "එනිසා මාර ඉස්කෝලෙයේ මාර හැදිච්ච මාර වස චණ්ඩි පුත්‍රයනි.
    දඟලන්නෙ නැතුව පැත්තකට වෙලා නොහුකා හිටු"

    මේ ලේඛකයාගේ විනය තැකීම ගැන ගහන්න විසිල් එකක් !

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. අන්තිම වාක්‍යය හැදුවා. ස්තූතියි

      Delete
  3. අපරාදේ ලේඛකයාගේ ඔක්කොම ආකල්ප පුස්සක් කලා අන්තිම වැකිය. ඇත්ත කතාවක් උනත් ද්වේශයෙන් කියන්න ගියාම කියන දේ තුල ඇති අරුත්බර නැති වෙනවා. දේශපාලන කුහකකම් වලට ළමයි පටලවා නොගන්න රටේ පිළිගත් ඇත්තෝ කටයුතු නොකරනවා නම් තමයි හොඳ. සමාජය පිරිහෙන තරමට එහෙම උන්ට තාම වාසිය. ඔය අහවල් මුදුන් මල්කඩ ඉස්කෝලේ සහෝදර පාසල් 2ක් තමා සහිරා විදුහලත්, යාපනයේ හින්දු විදුහලත්. දැන් කොහෙද සහෝදර පාසල් හෝ මොන පාසලක්වත්. දෙසපාලුවට යටහත් ඔහේ යන තවත් පාසලක් විතරයි කොඉ එකත්. හැබැයි ඔයා ඉස්කෝලේ ඇතුලේ ඉන්නවා කාර්ල්ටන් ගණය යටතේ ඇතුළු වුණු සමාන්තර ශ්‍රේණිවල බර ගණනක් ඔවුන් යුතුකම් ඉෂ්ට කරන්න ලැහැස්ති වෙන්න ඕනි නැහැ. යන විදියට යන්න දීපල්ලා රටම හිනස්සවන්නේ නැතුව. ලේඛකයාගේ කොහොම හිතුවත් අපේ පොඩි ඉස්කෝල හිතන්නේ උඹල මාරයි කියලා. එහෙම නැති බව කාලෙන් කාලෙට දැන් නුඹලම පෙන්වනවා.

    ReplyDelete
    Replies
    1. //අපරාදේ ලේඛකයාගේ ඔක්කොම ආකල්ප පුස්සක් කලා අන්තිම වැකිය. ඇත්ත කතාවක් උනත් ද්වේශයෙන් කියන්න ගියාම කියන දේ තුල ඇති අරුත්බර නැති වෙනවා.//

      ඔබ හරි. අන්තිම වාක්‍යය හැදුවා. ස්තූතියි

      Delete
  4. ඉස්කෝලේ මොකද්ද කියලා දන්නවා වුනත් බුකියේ නැති නිසා කේස් එක මොකක්ද කියලා අදහසක් නෑ... ලියලා තියෙන ටෝන් එකෙන් නිකමට හිතුනා මේ ඉස්කෝලේ එක්ක පරණ ඇරියස් එකක්වත් තියෙනවද කියලා.

    ReplyDelete
    Replies
    1. කිසිම ඉස්කෝලයක් එක්ක ඇරියස් එකක් නෑ. පාසල්වාදය ගැන නම් අවුලක් තියෙනවා. මේ බ්ලොගයේම පොදුවේ පාසල්වාදය ගැන මම කලින් ව්වේචනය කරල තියෙනවා

      Delete
  5. උසස් අධ්‍යාපනයට ගියාම තමයි පෙනුනේ එක ආගමක එක ජාතියක අය අති බහුතරයක් ඉන්න ඉස්කෝලෙකට වඩා හැම ජාතියෙම ආගමේම අය ඉන්න උසස් අධ්‍යාපන ආයතනයක් කොයිතරම් හොඳද කියලා. මට නම් ඔය බෙදීම්වල ලොකුම අප්සෙට් එක - එක වගේම පසුබිමක් ඇති අය එක්ක විතරක් ආශ්‍රය කරන එක හරිම කම්මැලි වැඩක්

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...