Saturday, October 21, 2017

වමනය කල වරදට පාසලෙන් දොට්ට



මම සයිබරයේ සැරිසරමින් සිටියෙමි. ප්‍රියම්භිකාවිය සිටියේ මා අනෙක් පසින්ය.

"මොකක්ද අර?.."

"අද වෙච්චි සිද්ධියක්. ළමයෙක්ට බඩිගින්නේ වමනෙ ගියාම ප්‍රෙග්නන්ට් වෙලා කියල හිතල ඉස්කෝලෙන් එලවල. අම්මල තාත්තලටත් කියල"

මම ඇයට අදාල ප්‍රවෘතිය පෙන්වීමි.

"ඔය වගේ තමා ගොඩක් ගුරුවරු හිතන්නේ. ඇයි අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ පන්තියෙ ළමයෙක් ලොකු වෙලා එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න ආසයි කිව්වා කියල සර් එයාට වේසි කියල තිබ්බා.."

"මොකක්.....?"

"ඔව්"

"මොකක්ද හරියටම වුනේ?"

"ඔය ඉස්කෝලෙ යද්දි අහන්නෙ, ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල. අපේ පන්තියෙ ළමයෙක් කිව්වා එයා කැමති එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න කියල. ඒ ළමයට හොඳටම බැන්න. පස්සෙ ඒ ළමයව පැත්තකට අරගෙන ගිහින් තවත් බැනල. සර් කියල වේස රස්සා කරන්න හදන්නෙ උඹ වේසියෙක් වෙන්නද කැමති" කියල.

මගේ හිත කේන්තියෙන් පිරීගියේය. මගේ පාසලේ සිටි ගුරුවරුන්ගේ කල්ක්‍රියාද මතකයට නැඟෙන්නේ මෙවැනි අවස්ථාවලදීය.

මගේ පාසලේ ගුරුවරු කිහිපදෙනෙක් අතර තරඟයක් විය. ඒ පාසලේ 'වසම සර්' යන නාමය හදාගැනීමටය. ඒ නම හදා ගැනීමට ඔවුන් කරන්නේ හැකි පමණ පාසල් සිසුන්ට පහර දීමය. දවස ආරම්භ වද්දි ඇහෙන "චටාස්.. පටාස්.." සද්දය අපට නුපුරුදු දෙයක් නොවීය. තවත් ගුරුවරයෙක්ට තිබුනු අමාරුවක් නම් සිසුවියන් ඉදිරියේදී සිසුන්ට පහර දීමට ඇති ආශාවයි. ඒ නිසා ඔහුට පාසලේ වැඩිමහල් සිසුන් තැබූ අනවර්ථ නාමය "කිඹිසිඹා" නම් විය. තවත් දිනෙක පාසලේ ගුරුවරයෙක් නමය වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකගෙන් 'කිස් එකක්' ඉල්ලා කරදර කරන බව අපට ආරංචි විය. එක්තරා ක්‍රමයකින් විදුහල්පතිට ඔහු ගැන දැනුම් දුන්නත් ගුරුවරයා වසර ගනනක් පාසලේ යහතින් සේවය කලේය. සිසුන්ට වේවැල් කැඩෙන තුරා පහර දුන්නද, ගුරුවරුන්ගේ විනය ගැන සොයා බැලීමට පාසල් පාලනාධිකාරිය එම උනන්දුවම දැක්වූවා දැයි නොදනිමි. සිසුන්ට පහර දීම, සිසුන්ව අනෙක් සිසුසිසුවියන් ඉදිරියේ ලජ්ජාවට පත් කිරීම එදිනෙදා සිදුවන සාමාන්‍යය දේ විය.

මගේ ජීවිත කාලය පුරා ගරුකටයුතු ගුරුවරුන් හමුවී ඇත්නම් ඒ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් පමණි.

අප රටේ ගුරුවරයා නැමති වෘතියේ නියැලෙනා මිනිසුන් ගත් විට පොදුවේ ඔවුන් තුල ඇත්තේ මෙවන් මානසිකත්වයක් යැයි සිතමි. මෙවන් තත්වයක් යටතේ ලාංකේය සමාජය විසින් ගුරුවරයාට 'ගරුත්වය ලැබීම' යන කාරණයේදී ෆ්‍රී පාස් එකක් ලබා දි ඇත්තේ මන්දැයි මම අද වනතුරා නොදනිමි.

ඕනෑම වෘතියකට හෝ නිල ඇඳුමකට හෝ (සිවුර, ලෝගුව), පට්ටමකට හෝ (මව්පදවිය, පියපදවිය) ඉබේ විශේෂ ගරුත්වයක් හිමි වීමෙන් අසාධාරණයට පත් වන්නේ ඒ ගෞරවය හිමි යැයි සැලකෙන මිනිස්සුන්ගෙන් පීඩනයට පත් වන පීඩිතයන්ය. මේ විශේෂ ගරුත්වය හිමි පුද්ගලයන් අතින් පීඩනයට සහ අසාධාරණයට ලක් වූවන් ඊට එරෙහිව හඬනගන්නට හෝ නීතියේ පිහිට පතන්නට මැලිවන්නේ ස්වභාවයෙන්ම ඔවුන්ට තමාට වඩා වැඩි පිළිගැනීමක් සමාජයෙන් ලැබෙන බව දන්නා නිසාය. එනිසා මෙවැනි කැපී පෙනන විශේෂ සිදුවීම් වලදී හැර බොහෝ විට සිදුවන්නේ මේ 'ගරුකටයුතු' වෘතීන් වල නියැලෙන්නන් අතින් වන අසාධාරණයන් අනෙක් අය 'ඉවසීමය'.

පුද්ගලිකව මම මිනිසුන්ට ඔවුන් කරනා වෘතිය නිසා හෝ ඔවුන් දරනා පට්ටම් නිසා හෝ ඔවුන් අඳිනා නිල ඇඳුම් නිසා ඔවුන්ට විශේෂ ගෞරව සැලකිලි නොදක්වන්නට හැකි තරම් උත්සාහ කරමි. සැමටම ලැබිය යුත්තේ මනුස්සයෙක්ට හිමි ගෞරවය පමණි. කෙනෙක්ට අනෙක් අයගෙන් විශේෂ ගෞරවයක් අවශ්‍ය නම් ඔහු ඒ විශේෂ ගරුත්වය ඔවුන්ගෙන් දිනාගත යුතුය. හැසිරීමෙන් සහ කල්ක්‍රියාවෙන් තමා අනෙකුන්ට වඩා විශේෂ බව පෙන්විය යුතුය. එවිට ඔහු මොන වෘතියේ නියැලුනත්, මොන පට්ටම දැරුවත් ඔහුට සියල්ලන්ගේ ආදරය ගෞරවය ලැබෙනු ඇත. මන්ද, ගෞරවය යනු දිනාගත යුතු දෙයක් මිස, ඉබේ ලැබෙන දෙයක් නොවන නිසාය.

කෙසේ නමුත් ලංකාවේ ගුරුවරු නැමති වෘතියේ යෙදෙනා මිනිසුන් කොටස තුලද අනෙක් හැම වෘතියකම යෙදෙනා මිනිසුන් තුල සේම වැඩියෙන්ම ඇත්තේ අඩුපාඩුය. ආකල්ප වල ගැටළුය. ඔවුන්ගේ ඒ අඩුපාඩු හඳුනාගෙන ඒවා ප්‍රශ්න කිරීමට නම් සමාජයක් වශයෙන් ගුරුවරුන්ට ලබා දී ඇති මේ 'ෆ්‍රී පාස්' එක වහා ගලවා ඉවත දැමිය යුතු බව දැන්වත් තේරුම් ගන්නවා නම් හොඳය. නැත්නම් සිදුවන්නේ දශක ගානක් තිස්සේ කලාක් මෙන් ගුරු පුටුවේ සිටිනා පුද්ගලයා මොන ජාතියේ අමනයෙක් වුවද, මොන ජාතියේ අමන වැඩ කලද "අනේ හොඳා සර්" කියා බුලත් දී ඔහු ඉදිරියේ වැඳ වැටීමටය.

33 comments:

  1. Replies
    1. වෘතියට නුසුදුස්සෝ කොතනත් සිටිති. එතැනදී ගුරු වෘතියට අදාළ වනවිට ඉතා භයානකය ( අනිත්වාද භයානකය) මම ඒවා විඳ ඇත. සමහර ගුරුවරුන් 'අමුතු' විදියට හිතන ළමයින් හිංසනයට ලක්කරති. දිවි ගලවාගන්නේ කිහිප දෙනෙකි. අනිත් උන් මියයන්නේ කිසිදු හඬක් නොනගාය.

      Delete
    2. ගුරු වෘතිය කියන්නේ ඉතාම ලොකු වගකීමකින් යුත් වෘතියක්. වැඩිහිටියන් වී සමාජය බාර ගැනීමට නියමිත දරුවන්ගේ පෞරෂය සහ ආකල්ප වලට සෘජු බලපෑමක් වෙනවා ගුරු වෘතියේ නියැලෙන පුද්ගලයන්ගෙන්. කියන්න කණගාටුයි දරුවන් සමඟ කටයුතු කල හැකි ආකාර වලින් නරකම ආකාරයට තමයි වර්තමානයේ අපේ රටේ ගුරුවරු දරුවන් සමඟ කටයුතු කරන්නේ.

      Delete
  2. වමනෙ දාන පිරිමි ළමයි
    පාසල්වල ඉන්නෙ නැතිද

    ගැබ්බර වන එකම ලකුණ
    වමනෙ දාන එක විතරද

    පාසැල අහිමිව ගියාට
    වමනෙ යන්නෙ මට විතරද

    ReplyDelete
  3. හොදම ගොන අාතල් එක උනේ අපේ පංතියේ එකෙක් ගෙනාව CD එකක්. ඔය 2005 විතර .රෙස්ලින් පිස්සුව තිබ්බ එකෙක්.
    ඔක මාට්ටු උනා. වැඩේ වඩාත් භයානක උනේ CD එකේ බ්‍රැන්ඩ් එක BLUE විමත් සිඩ් එකේ පිට මුද්‍රනය නිල්පාට විමත්.
    වැල ගෙනාව කියල බිම දාගේන පෙරලගේන ගැහැවේ .
    පස්සේ තමයි ප්ලේ කරල බලල තියෙන්නේ සර්ල.
    CD එකක් අරන් ආපු එකෙ කොහොමත් වැරුද්දක් තමා. ඒත් හොයල බලන්න වත් මොලයක් තිබුනෙ නැ

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යය දැනීමවත් නැති මිනිස්සු. මොන වැරැද්ද කලත් වේවැල අතට ගන්න ගුරුවන්ගෙන් තමයි මිනිස්සු ඉගෙනගන්නේ තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නයක් ආවම හිංසාව පාවිච්චි කරන එක හොඳ විසඳුම් ක්‍රමයක් කියල

      Delete
  4. ගුරුන් ගැන ආයෙත් කථාවට ආවේ මේ නීච සිදු වීම හරහායි.
    මේ වගේ අදූරඩ්ගර්ශී තමන් සතු සුළු හෝ බලය මහා පරිමානයෙන් සමාජය වෙත මුදා හරින උන්මත්තකයින් ගුරු වෘත්තිය වැනි වෘත්තියකටනම් කිසි සේත් නොගැලපේ.

    වෙනත් ඒවාටත් ගැලපෙන්නේ නෑ.

    ඔබ ඉතා නිවැරදිව කියා ඇතිමෙන් ගුරු කියන වචනයත් එක්ක එන ගෞරවය දැන් ප්‍රශ්න කිරීමට පටන් ගත යුතුයි එය යමෙකු විසින් උපයා ගත්තක් නොවෙයි නම්. මාත් එකඟයි ඒකට.

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ස්තූතියි නයනේ

      Delete
  5. මටත් ගුරුවරු ගැන කිසිම පැහැදීමක් නෑ. ගුරුවරයාට ආරෝපනය කරල මනස්ගාතත් ඒකට හේතු වෙන්න අති. මට පුදුමය අතීතයේ සිටි ගුරුවරු කලායයි කියන දරුනු දේවල් වර්නනා කරන අය හමුවීම. අපිට ගැහුවෙ ලෙලි යනකම් කියල ඒ අය කියන්නෙ අමන්දානන්දයෙන් . මම නම් හිතෙන්නෙ ගුරුවරු ගහන්නෙ ලමයි හික්මවන්න නෙමෙයි පාලනය කරගත නොහැකි කෝපය නිසා සහ ආතල් එකට කියායි. ගුරුවරුන් ලෙස බදවා ගැනීම්මට පෙර මෙඩිකල් ටෙස්ට් එකකින් සමත්වීම අනිවාර්ය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. මෙඩිකල් කියන්නෙ, මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ යුතුයි, එහෙම එකක් කරන්ඩ පුළුවන්නං.

      Delete
    2. මානසික කියන වචනෙ නොකිය තමයි මෙඩිකල් කිව්වෙ. ඇත්තටම කාගෙන් හරි මේ වගෙ යෝජනාවක් ඉදිරිපත් වුනා . නිකම්ම නෙමෙයි මෙන්න මෙච්චර ප්‍රතිශතයක් ගුරුවරු තුල මානසික සමබරතාවය පිළිබඳ ගැටළු තියනව කියල ඒක ඉදිරිපත් කළ විද්වතා කිව්වෙ . ඒක යටගියා කට්ටිය කියන්න ගත්තා ඒ කතාව ගුරුවෘත්තියට කල අපහාසයක්ලු කියල.

      මා දැකල තියනව කෝපය පාලනය කරගන්න බැරි ගුරුවරු. සාමාන්ය ජීවිතයෙදිත් එච්චරටම තරහ යන කිසිම ඉවසීමක් නැති අයද මේ ගොල්ලො. නෑනෙ එහෙම වුනානම් හැමෝගෙන්ම ගුටිකනවනෙ.පාරකවත් යන්න බැරිවෙනවනෙ. ළමයි අනික් පැත්ත හැරිල ගහන්නෙ නැති බව දන්න නිසානෙ මේ චන්ඩිකම්. ඉවසීම බින්දුවයි. ළමයි සත්තු කියල හිතන්නෙ.
      මානසිකව වට්ටන ඒව නම් නිමක් නෑ .

      Delete
    3. //මම නම් හිතෙන්නෙ ගුරුවරු ගහන්නෙ ලමයි හික්මවන්න නෙමෙයි පාලනය කරගත නොහැකි කෝපය නිසා සහ ආතල් එකට කියායි. //

      මේ කතාව නම් සීයට සීයක් හරි.

      Delete
  6. විකේන්ද්‍රික මේ කොමෙන්ට් එක ගැන සමාවෙන්න කියා මුලින්ම ඉල්ලනවා. මීට පෙරත් මා සමග බ්ලොග් අවකාශයේ වෛර බැදගත් කෙනෙක් ඔහුව බ්ලොග් වලින් පන්නන්න මා කුමන්ත්‍රනය කල බව චෝදනා කර තිබුනා. වඩා හාස්‍ය ජනක දේ මා ඕස්ට්‍රේලියාවේ සිටින බ්ලොග් කරුවෙකු හා එයට කුමන්ත්‍රනය කල බව කීමෙනුයි. එසේම මේ පුද්ගලයා මට අභූත චෝදනා නගනවා. මා බ්ලොග් ලියන්නෙ මගේ විනෝදයට පමනයි. මට එක එකා බ්ලොග් වලින් පන්නන්න හෝ එක එකා ගැන වෛර හිතේ තබාගෙන පැසව පැසවා ඉන්න කිසිම ඕන කමක් නෑ. බ්ලොග් කියන්නෙ මට ජීවිතය නෙමෙයි. මා සමග වෛරෙන් ඉන්න පුද්ගලයා වෛර බැදගත්තෙ ඔහුට කිසිම අදාලත්වාය්ක් නැති හේතුවක් මත. අර ගුරුවරියක් ලමයෙකුට දුන් අසාමාන්‍ය දඩුවමක් මා විවේචනය කල නිසා. ඔබත් මගෙ අදහසට පක්ෂව කොමෙන්ට් කර තිබුනා.

    මා සමග වෛර බැදගෙන පුපුර පුපුර සිටින මොහු වක්‍රව බ්ලොග් කීපයකම චෝදනා කර තිබුනා මා විවිධ බ්ලොග්කරුවන්ට අපහාස කරන බවත් කියමින්. මා කිසිවෙකුට එසේ අපහාස කර නෑ. නමුත් නිරපරාදේ මට කුනුහරපෙන් බැන්න අර පුද්ගලයාටනම් අපහාස කලා. වෙන කිසිම කෙනෙකුට සිත රිදෙන දෙයක්වත් කියා නෑ. පිස්සො එක්ක රන්ඩු වෙන එක භයානක බව තේරෙන්නෙ දැන්.

    අද තාක්ෂනය දියුණුයි .මොකක් හරි දෙයක් තිබෙනවානම් එය සොයාගත හැකියි. ඇනෝ කොමෙන්ට් පවා අවශ්‍ය නම් සොයාගන්න පුලුවන්. මට මේ පුද්ගලයා කරන බොරු චෝදනා පිලි නොගන්න ලෙස හැමෝගෙන්ම ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. මේ උන්මත්තකයා මාව බ්ලොග් වලින් අතුගාල දානබව කීප තැනකදිම කියා තිබෙනවා. එය මටකල තර්ජනයක්. මාව බය කරල බ්ලොග් ලිවිල්ල නවත්තන්න හිතනවනම් ඒක වෙන්නෙ නෑ. ඇත්තටම මම බ්ලොග් ලිවීම නවත්තල තිබ්බෙ. ආයෙ පටන් ගත්තෙ ඌට බයවෙලා නවත්තල කියල හිතයි කියල. නමුත් ඌ මට නැවට නැවතත් තර්ජනය කරල තියෙනවා. තර්ජනයෙ ස්වරූපය අධ්‍යනය කරමිනුයි ඉන්නෙ.

      Delete
    2. මහත්තයෝ !..
      මගේ ළඟ තියෙනව ඔබ මට ඊ මේල් කල ඔක්කොම සහ ඔබ වැඩ කරන ඔබ කරන ඔක්කොම විස්තර. මම මේ කිව්වෙ ඔබ ගැන නෙමෙයි. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනව කියන්න ආසනං කියන්න.
      මද්‍යස්ත මතදරියා ගේ රෙද්ද ගලවන්න මම ok.

      Delete
    3. එහෙමනම් කමක් නෑ. ඔබතුමා මා ගැන වෛර බැදගෙන ඉන්න එපා. අපි රන්ඩු වුන වෙලාවෙ ඔබ මට කල දරුනු අපහාස වලට මගෙ අමනාපයක් නෑ. මා ශාප කලේ හිතට ආ වේදනාව නිසයි. කරුනාකර මට කරදර නොකර ඉන්න. කෙනෙක් කූඩැල්ල වගෙ එල්ලෙන්න ආවොත් ඒක මට කරදරයක්. මගෙ සිතේ සමාදානය නැති වෙනවා. අන්න ඒකයි .

      ඒ ප්‍රශ්නය එතනින් අවසන් කරන්න. මගේ මොක හරි කතාවකින් ඔබට සිත් රිදීමක් වුනානම් ඊට සමාව ඉල්ලනවා. මට කිසිවෙක් සමග රන්ඩු වී ගහමරාගැනීමට අවශ්‍යතාවයක් නෑ. සදාකාලිකවම වෛර බැදගෙන ඉන්න ඕනත් නෑ. ඔබත් සමග වූ රන්ඩුව එතනින් ඉවරයි . මීට පස්සෙ ඔබට මා අදාලත් නෑ මට ඔබ අදාලත් නෑ. කිසිම කතාවක් නෑ. අදින් පස්සෙ මා ඔබව දන්නෙත් නෑ ඔබ මා ගැන දන්නෙත් නෑ .

      මගෙ රෙද්ද ගලවන්න නම් දෙයක් නෑ. මා නීති විරෝධී වැඩකරන හෝ සදාචාර විරෝධී වැඩකරන කෙනෙක් නෙමෙයි.මට හංගන්න කිසිම දෙයක් නෑ. මා මගෙ මතය නිකන් ප්‍රකාශ කරන සාමාන්‍ය පුරවැසියෙක් පමනයි. මා ගැන විස්තර හොයාගන්න අමාරු නෑ. මා බ්ලොග් කරුවන් කීප දෙනෙක් හමුවුනා.ඔවුන් මා වැඩකරන තැනටත් ආව. පසුව නිතරම කෝල් කලා. ඔවුන් නම් යහපත් අය වෙන්න ඇති. ඔබ ඔවුන්ගෙන් මා ගැන දැනගන්න ඇති.

      Delete
    4. ඔබ මට කුනුහරපෙන් බැන්න වෙලේ මට තිබුනෙ ප්‍රතිචාරයක් නොදක්වා ඉන්න. ඔබට දිණුම අවශ්‍ය නම් ඒක ගන්න . ඔබට බය වෙලා නිශ්ශබ්ද වුනා කියල හිතනව නම් ඒකත් එහෙම හිතන්න. බ්ලොග් ලියන එක නතරම කරල දාල බ්ලොග් එක ඩිලීට් කරන එක වුනත් මට ලොකු දෙයක් නෙමෙයි . මගෙ විස්තර හොය හොය ඒව එකතු කරගෙන බොරුවට දුක් විදින්න එපා. මට නම් කාගෙවත් තොරතුරු හොයන්න ඕන නෑ.
      මට ඕන මගෙ පාඩුවෙ ඉන්න විතරයි. බ්ලොග් අවකාශය ගැන කලින් දැනගෙන හිටියනම් කවදාවත් බ්ලොග් ලියන්නෙ නෑ. මට සාමාන්‍ය ජීවිතයෙදි මෙවැනි අය හමුවෙලා නෑ.

      මගෙ මොකක් හරි කතාවකින් ඔබතුමාට සිත් රිදීමක් වුනා නම් දහස් වාරයක් සමාව ඉල්ලනවා. අදින් පස්සෙ ඔබ මා ගැන දන්නෙත් නෑ . මම ඔබ ගැන දන්නෙත් නෑ . ස්තුතියි.

      Delete
    5. මොකද මේ බොහොම කරුණාවෙන් මට කතා කරන්නේ? 😂😂😂.. ඔහොම නෙමෙයි නේ මට ඊ මේල් කලේ..??

      නෑ. ඔබ පෞද්ගලිකව මට තර්ජනය කළා. දැන් ඔබ බබා වෙන්න එපා. මහත්තයෝ පුලුවන්නම් මට එවපු ඊ මේල් ටික කියවල ප්‍රසිද්දියේ සමාව ගන්න.

      නැතිනම් උබේ ඔළුවට වෝල්ට් 33,000 අල්ලලවම තමයි. පස්සෙ තොගෙ ඔලුව මයික්‍රෝ වේව් එකටත් දානව.

      එක්කො සියදිවි නසාගනින්.


      කෝ උබේ බ්ලොග් ගැන්සිය?
      උබ සෑහෙන්න බයවෙලා වගේ..!!

      උබ ඇරගත්ත ෆයිල් එකක් මේක.. මහත්තයෝ.. ඒක නිසා මහත්තයම වහගන්න..

      Delete
    6. මම උඹට බය නැහැ. කොහෙත්ම නැහැ. මමත් බය කියන එක අදුරන එකෙක් නෙමෙයි.නමුත් තිරිසන්නු එක්ක උන්ගෙ මට්ටමට වැටිල රන්ඩු වෙන්න බෑ. නමුත් මට කා එක්කවත් දිගින් දිගට රන්ඩු වෙන්න ඕන නෑ. ඒකයි මේක ක්ලෝස් කරන්න ඕන වුනේ. මේ ෆයිල් එක ඕපන් කලේ උඹයි. ගුරුවරියගෙ සිද්ධියට කිසිම අදාලත්වයක් නැතිව මට කුනුහරපෙන් බැනල තර්ජනය කරල. හැබැයි මේක ක්ලෝස් කරනවද නැද්ද කියල තීරනය කරන එක අයිති උබට.මොකද උබයි මේක පටන් ගත්තෙ. මතක් කරගනින් ප්‍රසිද්ධියෙ මට අපහාස කරපුව. අන්න ඒවට මගෙන් සමාව ගනින්. ඊට පස්සෙ මම අප්‍රසිද්ධියෙ එවපු ඊ මේල් වලට සමාව ගන්නම්. උඹ ඒ විදියට එනවනම් මම ලෑස්තියි.

      Delete
    7. අනුන්ගෙ බ්ලොග් එකක මෙහෙම රන්ඩු වෙන එක සදාචාරාත්මක නෑ. මම පෝස්ට් එකක් දාන්නම්. උඹ ඒකෙ කොමෙන්ට් කරපන්

      Delete
    8. පෝස්ට් එකක් දැම්මා. උබට මොනවහරි ඇරියස් එකක් තියනවනම් කවර් කරගනින්. නැත්නම් උඹ කරපු වැරදි වලට එතන සමාව ගනින්. ශිෂ්ට විදියට සංවාද කරනකොට කුනුහරප කියල බැනල තර්ජනය කරන්න උබට බලපත්‍රයක් තියනව කියල උබ හිතනවනෙ. උබ බ්ලොග් අවකාශයෙ චන්ඩියනෙ. අනුන්ගෙ තැන්වල අදාල නැති දේවල් කතා කරන්න මට බෑ.

      Delete
    9. හා හා හා.... මැස්සෙක් ගිය උඩ... හා හා හා.... හා හා හා... 😂😂😂😂😂😂😂...

      තොගෙ ඔළුවට ඇනත් ගහනව.. කටට ග්‍රෙනේඩ් එකක් ඔබල පිපිරෙනකන් පිරිත් කියනව.

      මචෝ සුවිසයිඩ් වෙන්න කලින් ලියුමක් කියල තියපන්. නැතිනම් හේතුව හොයාගන්න බැරි වෙයි.

      Delete
    10. මද්යස්ත මතදරියා.
      සාමාන්‍යයෙන් පිම්පියා කියන්නෙ වේස ගෑනුන්ට මිනිස්සු හොයල දෙන පුද්ගලයට. මම ඔබට පිම්පියා කියන්නෙ ලියන්ට දේවල් නැති ඇවුන්ට ලියන්න දේවල් හොයල දෙන ඔබ පිම්පියෙක් කියල පෙන්නන්න. මේ බ්ලොග් එකේ මගේ මේ කමෙන්ට් එක මකන්න මේ බ්ලොග් එක ලියන පුද්ගයලට අයිතියක් තියෙනව වගේම මට එරෙහිව බ්ලොග් ලියපු ලියන්නන්ටත් අයිතියක් තියෙනව.
      උබ නම් දෙකකින් ඉන්න පිම්පියෙක්. මම අදටත් ජී මේල් එකේ වෙනම ෆෝල්ඩර් එකක් ඇරල උබේ ඊ මේල් දෙක සේව් කරගෙන ඉන්නෙ. උබ සුවිසයිඩ් වෙන්න ඕන මිනිහෙක් මිසක් උබට හිරිහැර කරල වැඩක් නැහැ.
      මම දන්නව උබ මේ වෙනකොටත් බ්ලොග් ඔස්තාර් ලට ඊ මේල් කරල ඇති.
      හා හා හා....
      හා හා හා...
      මම ආසයි උබල වගේ මිනිස්සු දුක් විඳලා මැරෙනවට. පාරේ යනගමන් බස් එකක හැප්පිල වගේ මැරෙන මිනිස්සු..??
      උබ දන්නෙ නැහැ මම කවුද කියල.
      දෙපැත්ත බලල පාර පැනපන්. බල්ලො වැඩි හරියක් මැරෙන්නෙ බස් වලට යටවෙල.. කියන එකත් මතක තියාගනින්.

      Delete
    11. මචන් ටික්කා. උඹ මාත් එක්ක කෙලින් කතා කරල උබේ වැරදි වැටහීම නැතිකරගනින්. උඹ නොමග ගිහින් ඉන්නෙ. මම ඉයන්ල රසිකල දන්නෙත් නෑ.

      Delete
    12. මම නොමග ගිහිං ගොඩක් කල්. 😂😂😂🙃.. උබට මරණ බය දැනිල වගෙ. ඔව් මම මේ උබ එක්ක කෙලින් කතා කරන්නෙ. කෝ එදා උබ එක්ක හිටිය කල්ලිය.? අර ස්ත්‍රී දුෂකයන්.,?? උබට මම වෙනුවෙන් පොස්ට් ලිව්ව ඇවුන්..?? 😜😜😜😜...

      ලොක්ක.! ජීවත් වෙයන් විඳින්න. විඳවන්න නෙමෙයි.

      කොහොමත් ආණ්ඩුවේ රස්සා කරන ඇවුන්ට අන්තිමට වෙන්නෙ මේ ටික තමයි.
      🙏

      Delete
  7. මචං. ගාල්ලේ මහින්ද විද්‍යාලයේ හිටිය ගණිත ගුරුවරයෙක් ඔටුව (මට දැන් මතක නැහැ උගේ නියම නම) කියල. මගෙත් ගණිත ගුරුවරය. ඔය ගුරුවරය බාරව තිබ්බ ක්‍රිකට් අංශය. ඔය කියන ගුරුවරය යටතෙ හිටිය අදටත් ලංකාවේ ටීම් එකට සෙල්ලං කරන්න ඕන කොල්ලො. එත් ඌ කලේ දෙමව්පියන් ඉස්සරහ උන් ගංජා කාරයන් කුඩ්ඩො කරපු එක. දැන් උං සමාජයේ නියම කුඩ්ඩො. මේ ඔක්කොම කලේ අර මහින්ද විද්‍යාලයේ ඔටුවා කියන ගණිත ගුරුවරය.

    ReplyDelete
    Replies
    1. ජීවිත විනාශ කරන කාලකණ්ණි. මුං ගංජා, කුඩු වලටත් වඩා භයානකයි. (ගංජා නම් කොහොමත් කිසිම විදියකට භයානක නෑනෙ)

      Delete
  8. අරඹේපොල රතනසාර alias ධර්මසිරි තෙන්නකෝන් ......
    කය නම් අසාරය
    භව නම් භයංකාරය
    ධර්මසිරි නම් මාරය
    විටෙක ඒ නම රතනසාරය

    ReplyDelete
  9. ඔහොම ගුරුවරු නං හැම ඉස්කෝලෙකම ඉන්නව. ගොඩක්ම තමංගෙ පෞද්ගලික ජීවිතයෙ ඇරියස් තමයි උං දරුවන්ගෙං කවර් කරගන්නෙ. අනුකම්පාවට ලක්විය යුතු ජීවිත උනත්, උං අනාගත පරපුරට කරන හාණිය ගැන සමාව දෙන්ඩ බෑ.

    ReplyDelete

  10. http://divaina.com/daily/index.php/visheshanga3/1576-2017-10-22-14-21-64

    මුදුන්කඩවල සියතට ම ගෙන මලින් හැඩ කළ ඕ

    ReplyDelete
  11. අපේ ඉස්කෝලෙත් ඔය වගේ සර්ල හිටියා කීප දෙනෙක්ම. අපිට ඉහල පන්ති වල අය පවා බයෙන් ගැහෙනවා... ඒත් අපේ සෙට් එක ඒ ලෙවල් ආවහම ඔය එක සර් කෙනෙකුටවත් බය වුනේ නෑ. මරුමුස් ගුරුවරයෙන් හිටියා වේවැල නැතුව ටොයිලට් එකටවත් නොයන. සමහර ගුරුවරියෝ පවාබය වුනා ඒ සර්ට කතා කරන්න. වැඩේ කියන්නේ අපේ පන්තියේ උන් නම් මිනිහව සත පහකට ගණන් ගත්තේ නෑ. අන්තිමට එයාටම වැඩේ එපා වුනා. සැර බැස්සා.

    මටත් හිතාගන්න බෑ 'ඒ කාලේ සර්ල අපිට ගහපු නිසා තමයි අපි හැදුනේ...' කියලා ආවඩන උන් ගැන නම්. මොකද මට නම් ගුටි කාපු නිසා අපි හැදුනා කියන්න කිසිම සාක්ෂියක් නෑ. දරුවෙකුට ආදරෙන් හොඳ නරක තේරුම් කරලා දුන්නොත් කමයි ඒක දිගටම පවතින්නේ...

    අනිත ගුරුවරුන්ගේ මානසික තත්වය බැලුවොත් මම හිතන්නේ ලංකාවේ එන්න බහුතරය මොකක් හරි මානසික අවුලක් තියෙන අය කියලා ෂුවර්

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...