Tuesday, January 2, 2018

සිංහල බෞද්ධ බුර්කා


අරාබි ජාතික ගැහැණු බුර්කා/නිකාබ් ඇඳගෙන කට්ට අව්වේ මූදෙ බැහැලා නානවා දැක්කම සිංහලබෞද්ධ සංස්කෘතියේ හැදිච්ච බොහෝමයක් පින්වත්තු...

"අනේ මොන කරුමයක්ද බං මේ මුන් ගෙවන්නේ? මොන ජීවිතද මේ?"

"පිරිමින්ට හොඳයි ඕන විදියකට යන්න.. ගෑණුන්ට තමා නරක"

"පුදුම අසාධාරණයක්නෙ මේක. පව් ඒ ගෑණු"

"මෙච්චර අලුත් ලෝකයක් මෙහෙම ගෑණුන්ට වෙනස් කම් කරනවද? ගොන් යක්කු"

"හිතේ වනචරකමනෙ.. ඒකනෙ ඔක්කොටම මුල. ඒකනෙ බලෙන් ගෑණුන්ගෙ ඇඟල්වල් ඔහොම වහන්නෙ"...

"අතීතයේ ගොන් මගුල් ඔලුවෙ තියාගෙන තාම ජීවත් වෙන ගෝත්‍රික හැත්ත"

......වගේ ටෝක් ඉෂූ කරනවා දැකල ඇති. (මං නං දැකල තියෙනවා)

මං මේ කල්පනා කලේ,

එහෙම ටෝක් ඉෂූ කරන ගමන් ඔය කිව්ව සිංහලබෞද්ධ සංස්කෘතියේ ගෑණුම වැලමිට ළඟට දිග අත් තියෙන ටී ෂර්ට්,දණිස් ළඟටම දිග ත්‍රී ක්වාටර් ඩෙනිම් කලිසම්, සායවල් ඇඳගෙන ගඟේ, මූදෙ, පූල් වල එහෙම බැහැලා නාද්දි

යුරෝපා රටවල මිනිස්සු ඒ අය දිහා බලලා මොනවා හිතනවා ඇද්ද කියලා...???
 





 

7 comments:

  1. ඇයි ඔයා මේකට "සිංහල බෞද්ධ" කියල දාලතියෙන්නෙ? බෞද්ධ ධර්මයේ කොහේ හරි තියනවද කාන්තාවක් නානකොට අදින්න ඕනෙ ඇදුම් ගැන? සිංහල ක්‍රිස්තියානි/ කතෝලික කාන්තාවන් දිගට ඇදල මුහුදෙ නානවා දැකල නැද්ද (මම නම් දැකල තියනවා). බිකිනි ඇදල නාන සිංහල බෞද්ධ කාන්තාවන් දැකල නැද්ද. අත් දිග ට් ෂර්ට් එකකුයි ත්‍රී කොවටර් එකක් ඇදල නාන එකෙයි ඔලුවෙ ඉදන් වහගෙන ලෝගුවක් ඇදන් වතුරකට බැහැල නාන එකේ වෙනසක් නැද්ද??

    ඔයාට ලියන්න රැඩිකල් topics ඕනෙ දෙයක් හිතන්නෙ බලන්නෙ නැතිව ලියන්න එපා.

    ReplyDelete
    Replies
    1. සිංහල් බෞද්ධ කියන එකට ගහන කොට මාර පොෂ් ගතියක් තියෙනවා නේ.
      අන්න ඒකයි

      Delete
    2. /// සිංහල් බෞද්ධ කියන එකට ගහන කොට මාර පොෂ් ගතියක් තියෙනවා නේ.
      අන්න ඒකයි ///

      +++++++++++++++++++

      Delete
    3. ඒ කියන්නෙ සිංහල බෞද්ද කියන ජාතියට පුළුවන් අනිත් ඕනෑම ජාතියකට ආගමකට අම්බානක නෙලන්න. හැබැයි අනිත් ජාති ආගම් වලට බැහැ සිංහල හෝ බෞද්ද ආගම ගැන නෙලන්න තියා කතා කරන්නවත්. අම්මට හුඩු. කොහොමද ඒක..?? අම්මගෙ රටක් ඕයි මේක.. 😡

      Delete
    4. මෙතන සිංහල බෞද්ධ කියල අදහස් කලේ "සිංහල බෞද්ධ සංස්කෘතියේ අය" කියන එක.

      ලංකාවේ කතෝලිකයන් අයිති වෙන්නෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට තමයි.

      පර්සනල් ඇටෑක් එකක් විදියට ගන්න එපා. කියල තියෙන අදහස ගැන හිතන්න

      Delete
  2. Please remove "සිංහල බෞද්ධ" and add "Sri Lankan".

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...