Wednesday, January 17, 2018

වෙනසට බය මිනිස්සු



ලාංකීය සමාජය,

සමලිංගිකයන්ව පිළිගන්න ලෑස්ති නෑ...........
ඒ අයත් තමන් වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන මිනිස්සු කියල පිළිගන්න ලෑස්ති නෑ...........
තමන් ජීවත් වෙන සමාජයේ ගණිකාවන් ඉන්නවාය කියල පිළිගන්න ලෑස්ති නෑ...........
ඒ මිනිස්සුත් හැඟීම් දැනීම් තියෙන මිනිස්සුය කියල පිළිගන්න ලෑස්ති නෑ...........
සංක්‍රාණ්ති ලිංගිකයන්ව පිළිගන්න ලෑස්ති නෑ...........
ඒ අයටත් තමාට වගේම අයිතීන් තියෙනව කියල පිළිගන්න ලෑස්ති නෑ...........
තරුණ තරුණියන්ට ආදරය කරන්න තියෙන නිදහස පිළිගන්න ලෑස්ති නෑ...........
ජීවිතය විඳින්නට මිසක විඳවන්නට නොවේය කියන එක තේරුම් ගන්න ලෑස්ති නෑ...........
දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ගේ අයිතීන් පිළිගන්න ලෑස්ති නෑ...........
තමන්ගෙ ජාතියේ මිනිස්සුන්ට වගේම අනෙක් ජාතීන් වල මිනිස්සුන්ටත් මේ රට අයිති බව පිළිගන්න ලෑස්ති නෑ...........
තමාට දුරින් ඉන්න අනෙකාටත් තමාට තියෙන අයිතිවාසකම්ම ලැබිය යුතු බව පිළිගන්න ලෑස්ති නෑ...........
ළමා අයිතිවාසකම් පිළිගන්න ලෑස්ති නෑ...........
අපරාධකරුවන්ටත් අයිතීන් තියෙනවය කියල පිළිගන්න ලෑස්ති නෑ...........
මානව හිමිකම් කියල දෙයක් තියෙනවය කියල පිළිගන්න ලෑස්ති නෑ...........
ලංකාවෙ හරි හමන් අධ්‍යාපන ක්‍රමයක් නැති බව පිළිගන්න ලෑස්ති නෑ...........
හරිහමන් රාජ්‍යය සේවයක් නැතිය කියන එක පිළිගන්න ලෑස්ති නෑ...........
කෙටි කාලීන පටු පුද්ගලික වාසි නොබලා පාලකයන් පත් කර ගත යුතු බව පිළිගන්න ලෑස්ති නෑ...........
අපේ ප්‍රශ්න වලට දේශපාලකයන්ටම බැණ බැණ හිටියට ඒවාට අපිත් ජනතාව විදියට වගකිව යුතු බව පිළිගන්න ලෑස්ති නෑ...........
රටේ රාජ්‍ය පාලනය සහ නීතිය සකස් විය යුත්තේ අනාගමික පදනමක් මත බව පිළිගන්න ලෑස්ති නෑ...........
මිත්‍යාව කර තියාගෙන හිටියා ඇති කියල තේරුම් ගන්න ලෑස්ති නෑ...........
විද්‍යාවෙන් මිසක අවිද්‍යාව පසුපස ගියොත් අපට අනාගතයක් නැහැ කියල පිළිගන්න ලෑස්ති නෑ...........
මේ කරදිය වළල්ලෙන් එහා ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප සහ සංස්කෘතීන් වලින් ගත යුතු දේ ගෙන බැහැර කල යුතු දේ බැහැර කරනවා වෙනුවට රකුසෙක් දිහා බලනවා වගේ අනියත බයකින් ඒවා එකහෙළාම ප්‍රතික්ෂේප කරන එක අමු මෝඩ කමක් බව තේරුම් ගන්න ලෑස්ති නෑ...........
වික්ටොරියා රැජිනගේ සදාචාරයට අලවගෙන ඉන්න සිංහලබෞද්ධ ලේබලය ගලවල දාලා සුද්දාගේ ආච්චිගේ සදාචාරය කුණු කූඩයට දාන්න කාලය එළඹිලා තියෙන බව පිළිගන්න ලෑස්ති නෑ...........
සමාජයක් විදියට අපි අතීතයේ ජීවත්වෙන වර්තමානයක් නැති මිනිස්සු කොටසක්ය කියන එක පිළිගන්න ලෑස්ති නෑ...........
රටේ අනාගත පරපුර කෙවිටට හෙවත් වේවැලට බය අධිකාරී බලය ඉස්සරහා දෙකට නැමෙන නිවටයන් කරනවා වෙනුවට තමාව පවා ප්‍රශ්න කරනා නිදහස් නිවහල් මනසකින් යුත් මිනිසුන් කල යුතු බව පිළිගන්න ලෑස්ති නෑ..........

ලංකාවෙ අපි පිළිගන්න ලෑස්ති කාවද.....මොනවද.....කවදද බං?

අපි තරම් ඉන්න තැනින් වෙනස් තැනකට පය තියන්න බය මිනිස්සු තවත් මේ ලෝකයෙ ඉන්නවද කියලත් සැකයි මචන්.. අවංකවම.. !

අපි මෙතනින් එහාට අඩියක් ඉස්සරහට තියන්නේ කවද්ද කියල සැකයි !

13 comments:

  1. අපි මෙතනින් මේ කපේ ඉස්සරහට යනව කියල පිලිගන්න ලෑස්ති නෑ

    ReplyDelete
    Replies
    1. යන එක නම් ඇත්ත. ඒත් ඒ යෑම වෙන්නෙ මාරම හිමින්. සාපේක්ෂව ලෝකයේ අනිත් සංස්කෘතීන් ගත්තොත් මේ වෙනස අපිට වඩා වේගයෙන් වෙනවා

      Delete
  2. කොටිම්ම.. ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුලේ නෙවෙයි ලංකාව තියෙන්නේ ලෝකේ පුංචි අහු මුල්ලකය කියල පිළිගන්න සුදානම් නෑ.. තව වෙන මොනවද?

    ReplyDelete
    Replies
    1. තමන්ගේ පැවැත්ම වටේ ලෝකය නිර්මාණය කරගන්න මිනිස්සු, ලෝකයේ ලොකුම රට තමන්ගේ රට කියල හිතන් ඉන්න එක එච්චරම පුදුමයක් නෙමේ

      Delete
  3. සාමදානේ සැතපෙන අම්මලට රති කෙලියේ යෙදෙන්න ඇඩ්වාන්ස් සල්ලි එකතු කරපු
    බ්ලොග් ලියන ඉයන් වගේ එවුන් ඉන්වයි කීවට පිළිගන්න ලෑස්ති නෑ..........

    ReplyDelete
  4. සිංහලබෞද්ධයෝ, පරම සත්‍යයක් වන එල්ටීටීඊ සංවිධානය පරාජයකල නොහැකි බව පිලිගන්න කැමතිවුනේ නෑ.
    ඒ හින්දා යුද්දෙ දිනුවා. අපිත් ක්‍රිස්තියානි කාරයො වගේ හිටියනම් ලංකාවෙන් බාගයක්ම එල්ටීටීඊ එක අල්ලාගෙන.

    ReplyDelete
  5. ස්තූතියි ඉයන්

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...