Tuesday, April 12, 2016

බුදුපිළිමේ බලේ

අපේ ගමේ පන්සලට පොඩ්ඩක් එහායින් පොරවල් සෙට් එකක් පටන් ගත්තා යාතිකා මධ්‍යස්තානයක්.

අර යොහෝවාද මොකක්ද කියන්නෙ. අන්න එහෙම කට්ටියක්. (දැන් මගෙන් අහන්න එපා ඇයි උන් ඔතනම ඕක පටන් ගත්තෙ කියල. වැස්සකටවත් පන්සලකට පල්ලියකට යන්නෙ නැති අහිංසකයෙක් වෙච්චි මට ඕවා කොහෙ තිබ්බත් එකයි)

දවසින් දවස ඕකට එකා දෙන්නා ගානේ සෙනඟ වැඩිවෙන්න ගත්තා ගමේ අයට නොදැනිම.

මාසයක් දෙකක් යද්දි පූජාවට, යාතිකා සීන් වලට එහෙම සහභාගිවෙන්න සෑහෙන පිරිසක් එක් රොක් වුනා එතැනට. 

පන්සලේ දායක සභාව ප්‍රමුඛ ගමේ ඈයොන්ට මේක බලන් ඉද්දි ඉතින් ඇහේ කටු අනින්නාවගේ

"ගමේ කවදාවත් සිද්ද වුන දේවල්ද මේ වෙන්නේ?"

කෝමෙන් කෝම හරි බෞද්ධ ඇත්තො ටික එකතු වෙලා මාර ගේමක් දුන්නා මේක වහලා දාන්න. හරි ගියේ නෑ.

ගහන්න තියෙන හැම ගැටේම ගහලා අන්තිමට හරිනොගිය පාර කට්ටිය එකතුවෙලා කරන්න තීරණය කලා නියම වැඩක්,

හරියටම යාතිකා මධ්‍යස්ථානයට අඩි විස්සක් විතර එහායින් වංගුවේ ඉන්දුවා වීදුරුකූඩුවකින් වට කරපු චූටි බුදු පිළිමයක් !

"ගේම නං ගේම"

මම අහලා තියෙනවා බල්ලෝ තමාගේ ඒරියා එක සලකුණු කරන්න ඒ ඒරියා එක වටේට චූ කරනව කියල. 

මේක ඒ සීන් ඒකේ හොඳම එක.

තොපි යාතිකා කලාට කමක් නෑ. ඒත් මතක තියා ගනියව් මේ ඒරියා එක තාම අපේ ..කියන මැසේජ් එකයි දෙන්නේ ඒ බුදු පිළිමයෙන්

බලන්න, බැතිමතුන්ගේ හිතේ ශ්‍රද්ධාව, මෛත්‍රිය, කරුණාව වඩවනවට අමතරව තව කොච්චර නම් දේවල් බුදු පිළිමයකට කරන්න පුළුවන්ද කියල..

බුදුපිළිමේ බලේ තමා බලේ..!

6 comments:

  1. ගෝත්‍රවාදී ආගමික පලිහ...

    ReplyDelete
    Replies
    1. හ්ම්.. දෙපැත්ත බෙදිලා තරඟෙ.. එක අතකින් ඕකත් බලය වෙනුවෙන් කරන අරගලයක් තමා.. ආගමික අධිපතිවාදය වෙනුවන් සටන් කරන එක

      Delete
  2. ආයෙත් හොද ලිපියක්. මමත් ජිවිතේ එක අවස්ථාවක ගත්ත වැරදි තීරණයක් නිසා විඳින දුකෙන් බේරෙන්න පන්සල් පල්ලි කෝවිල් ගානේ ගිහින් ලක්ෂ ගණන් වියදං කලා. අවුරුදු දෙකක් පියෝ වෙජිට්ව්රියන් උනා. පස්සේ මට තේරුනේ මේ ඔක්කොම බොරු කියල. මම අවුරුදු දෙක තුනක් ආපස්සට හැරිල බැලුවහම දෙය්යෝ බුදුන් නෙමෙයි බන් මම තනියම දුක් විඳල ආපු ගමනක් මේක. මම දැන් buddhist punk. නිරාගමිකයි. මගේ දෙය්යො මම. I DONT GIVE A SHIT..!! ජය .වේවා..!!

    ReplyDelete
    Replies
    1. මොන දෙවියො ඉන්නවය කියල කිව්වත් කරන දෙයක් තනියෙම කරගත්තෙ නැත්නම් කෙළවෙන්නෙ අපිටමයි බං. ලක්ෂ ගණන් වියදම් නොකලට මමත් කාලයක් ආගම් පස්සෙ ගිහින් අනාගෙන තියෙනව මදි නොකියන්න. ජය වේවා මචෝ !

      Delete
  3. Aparade apita thivune issara indalama uthuru nagenahira budu pilima set ekak thiyanna.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. තියන්න ඒ පැත්තට යන්න දුන්නෙ නෑනෙ. ආරංචියෙ හැටියට නම් අපි ඒ පැත්ත අල්ල ගත්ත ගමන් හන්දි හන්දි ගානේ බුදු පිළිම ඉන්දෙව්වලු (ලු,, ඈ)

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...