Monday, April 18, 2016

රැඩිකල් කවි ලියන හැටි

අද කියන්න යන්නෙ රැඩිකල් කවි ලියන විදිහ.. ඔව් යකෝ, එහෙම කවි ජාතියකුත් තියෙනවා.. ලියන විදියකුත් තියෙනව.. රැඩිකල් කවියෙක් වෙන්න ඕන නං කට වහගෙන අහගං..

කී පොයින්ට්ස් දෙක තුනයි තියෙන්නෙ.. අල්ලගත්තොත් හරි.. වැඩේ ගොඩ.

හ්ම්හු.. හරි... පටන් ගමු අද පාඩම..

"රැඩිකල් කවි ලියනා ආකාරය"

මුලින්ම අර එළිසමය, මාත්‍රාද මොනවද ඒවා.. අලංකාර යෙදීම් අරවා මේවා ඔක්කොම අමතක කරන්න ඕන, ඔව් බං මමත් ඒව මොනවද කියල දන්නෑ.. ඒත් මටත් පුළුවන් රැඩිකල් කවි ලියන්න.. හිටිං කො කියන්න වදේ

ඒ ටික අමතක කරල ඊට පස්සෙ තියෙන්නෙ මාතෘකාව තෝරගන්න එක

මෙතනදි ඔප්ෂන් දෙකක් තියෙනව

ඔප්ෂන් නම්බර් වන් - තමා ජීවිතේට සතපහකට ගනන් ගන්නෙ නැති චරිතයක් තෝරගන්න එක.. සමාජයෙම ඉන්න.. හ්ම්.. හිඟන්නෙක්.. කොන්දොස්තර කෙනෙක්.. එහෙම නැත්නම්., සපත්තු මහන එකෙක්.. කට්ට අව්වේ සුවිප් ටිකට් විකුණන එකෙක්

හැබැයි සැබෑ ජීවිතයේදී උඹට ඔය කවිය ලියන්න තෝරගන්න චරිතය ගැන පොඩි හරි හැඟීමක් තියෙනව නම්.. වැඩේ හරි යන්නෙ නෑ.. හරිනෙ? ගොට් ඉට්?.. ඇයි? ඇයි කියල අහන්නෙ? දන්නෙ නැති උන් ගැන ලියද්දි තමා ඩෝ පරිකල්පනය උච්ඡතම අවස්ථාවට ගිහින් රැඩිකල් කම එළියට එන්නෙ..

ඊළඟට ඔප්ෂන් නම්බර් ටූ - මේක රහසක්.. වැඩිය කවුරුත් දන්නෑ.. මම කලින් කිව්ව චරිතත් හොඳයි.. ඒත් මේක හොඳා...ආ..ආආ..යි.. තෝරගනින් මේ ලෝකෙ වැඩියෙන්ම මාර්කට් වෙන, වැඩියෙන්ම මාර්කට් කරන්න ලේසිම දේ..

නෑ ඕයි.. කොකා කෝලා.. බෙන්ස් කාර්.. නෙමේ බං..

"ගැහැණිය".. ඔව් ඔව්.. "ගෑණි" අන්න ඒකි.. ඒකිව තෝරගනින්.. ඊට පස්සෙ තියෙන්නෙ ලේසි ස්ටෙප් ටික..

...දැන් උඹ කොහෙන් හරි වල් පත්තරයක් කියෝලා හරි හොඳ කුණුහරප ටිකක් ඉගෙනගන්න ඕන (අනෙ ඉතින් උඹල කුණුහරප දන්නෙම නෑනෙ නේද).. මෙතන තියෙන රහස් දෙක තමයි..

එක, ගෑණි.. දෙක, කුණුහරප

දැන් තියෙන්නෙ ලියන්න..

සිනාරියෝ එක විදියට මිනිහෙක් ඇරලා ගියාට පස්සෙ ඇඳ උඩ වැතිරිලා  දාඩිය පෙරාගෙන ඉන්න ගෑණියෙක් බිත්තියේ යන මකුළුවෙක් දිහා බලාගෙන උගේ කකුල් ගනන් කරන සීන් එකක්..වගේ අමුතු මගුලක් තෝර ගනින්

ඒ වගේ මොකක් හරි සීන් එකක් තෝරගෙන.. අර කලින් හොයාගත්ත කුණුහරප වචන දාහන්

"අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ??"

පිස්සුද යකෝ... එහෙම හරි යන්නෙ නෑ. කෝ කුණුහරප? උඹට ඕන රචකයෙක් වෙන්නද 'රැඩිකල්' රචකයෙක් වෙන්නද? උදාහරණයකට මෙහෙම ගනින්

"නාඳුනන ලිඟුවක්
ඇගේ ආත්මය
පොඩි කර
කීතු කීතු වලට 
ඉරා කොටා 
හප කර
බාගෙට අළු වුන 
සිගරට් දුමක් මැද
කර වෙන්න 
අත ඇර
ගිහින්
ඇයයි
ඇගේ යෝනියයි
තවම තනියෙම
අඳුරු කුටිය තුළ
ඇගේ තනියට
කවුළුවෙන් එන
සිසිල පමණයි
බිත්තියේ යන
මකුළුවා පමණයි
ඔව් මම
වේස ගෑණි
ඒත්
පුරුෂ ලිඟු වලින්
අඳුරේදී තලා දැමූ
මගේ පිවිතුරු බව
එළිය වැටුන පසු 
සොයනු එපා
අඳුරේදී ඇති ලිඟු
එළියේදී නැතිවන
කාලකණ්ණි
පොන්නයිනේ"

ඔය තියෙන්නෙ එක උදාහරණයක්.. බලහන් යොදාගෙන තියෙන වචන.. ඒ වචන පුළුවන් තරම් රිපීට් කරන්න ඕන

ලිඟුවක්, ආත්මය, යෝනිය, සිගරට්, අඳුර, වේස ගෑණි.. තේරෙනවනෙ මම කියන එක.

තව එකක්.. උඹ කෝම හරි ලියන කවිය (වගේ එක). ඉවර වුනාම.. කියවන එකා කියවලා ඉවර වුනයින් පස්සෙ.. ඒ කියෝපු එකාට තේරෙන්නෙ නැත්නම් ඒ කවියෙන් (වගේ එකෙන්) උඹ මොකක්ද කියන්න උත්සාහ කලේ කියල.. වැඩේ හරි..

ඒ කිව්වෙ හරකො.. කියවන එකාට මේ ලියල තියෙන්නෙ මොන මලදානයක්ද කියල තේරෙන්නෙ නැත්නම් වැඩේ හරි.

සුපිරි රැඩිකල් කවියෙක් උඹ !

කරල බලහන්.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. ජය !

මෙන්න මේ වගේ අඩනිරුවත් ෆොටෝ එකකුත් දැම්ම නම් ටොප්

18 comments:

  1. උඹ ලියලා තියෙනවා මදි නොකියන්න......... හැබැයි මං ආසයි උඹ තුළ ඉන්න නිර්මාණාත්මක කවියාට...... අර රැඩිකල් ද මොකාද කියන එකාට වැඩියෙන්..........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්. හැබැයි මම කවි ලියලම නෑ බං. මේ පෝස්ට් එකට ලියපු ඔය කවිය (වගේ එක) තමා පළවෙනි එක.

      Delete
  2. Replies
    1. මොකද බං හිනා වෙන්නෙ? කවියක්වත් ලියන්න හිතිලද?

      Delete
  3. හුටස්... මගේ රහස කොහොමද මේකා දැනගත්තේ? චෙක් ඉතරක්.. දැන් ඉතින් කයි ලියන එක ටික කාලෙකට නතර කොරල වහන් වෙලා ඉන්න වෙයි..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙන් බලල තමා මේ පෝස්ට් එක ලිව්වේ :P

      Delete
    2. හැඃ ! පපුවත් හිර උනා නෙව.... අපේ අහ ආවද වැරදිලාවත්? මම නිතරෝම කියනවා නෙව ආවට කමක් නැහැ එව්වා තැන තැන එහෙම කියව කියව යන්න එපාය කියල... ඇහැව්වද ?ඇහැව්වද ? දැන් බලාපල්ල මම පාරක තොටක බැහැල යන්නේ කොහොමද කියල.... ?

      අලේ... මේ මොකල්ල.. මේ උලේ.........

      Delete
    3. අනේ නෑ බං මම විහිලුවට කිව්වේ. අද හවස් යාමෙයේ උඹලෑ දිහාත් ඇවිත් යන්න එන්නම්. සමහර විට තවත් පෝස්ට් එකක් ලියන්න අයිඩියාස් ටිකක් එන්න බැරි නෑ.. ඇවිත් කෙමෙන්ට් එකක් දාන්නම්කො හිතෙන දේ කියල

      Delete
  4. රැඩිකල් බ්ලොග් පොස්ට් ලියන්නත් හොඳ විදියක්.. :)

    ReplyDelete
    Replies
    1. ඒකට තියන්න වෙනවා වෙනම පන්තියක්. පස්සෙ බලමුකො ඒකත්

      Delete
  5. එතකොට ඒ වගේ කයි වලට දාන්න ඕන කොමෙන්ට් ගැනත් යමක් කියලා දෙනවද...?

    පට්ට් කියලා දැම්මොත් මදිද...?

    ReplyDelete
    Replies
    1. කවිය වගේම මෙලෝ යකෙක්ට නොතේරෙන කමෙන්ට් එකක් දැම්මොත් ඒකත් රැඩිකල් බවේ සංකේතයක් බං

      Delete
    2. හෑ ඇත්තද?
      මං නම් එහෙම දාන්නෙ තේරෙන්න දැම්මොත් කුණුහරපෙන් බැනුම් අහන්න වෙන නිසා :-D

      Delete
    3. තේරෙන්න දැම්මොත් කුණුහරපෙන් උත්තර දෙන්නේ රැඩිකල් නිසා ඕයි.. තේරෙන්නෙ නැද්ද උඹට?

      Delete
  6. මෙන්න ලියුම්. සිරාවටම ලියලා තියෙනවා. අද කාලේ රැඩිකල් කියන උන්ව වඳ කරන්න පුළුවන් ලංකාවේ කුණුහරුප ලියන කියන උන්ව අල්ලලා ජීවිතාන්තේ දක්වා හිරේ දැම්මා නම්.......!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමියා.. උඹ කියන එක ඇත්ත. කුණුහරප සමාජයේ අසම්මත නිසාම රැඩිකල් බවේ ලක්ෂණයක් කියලයි මුං හිතන් ඉන්නෙ.

      Delete
  7. හහා... මේක නම් නියම කනේ පාරක් ඈ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සි. බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගන්නවා :)

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...