Wednesday, August 10, 2016

කොටට ඇඳගෙන බණ ඇසීම

ප්‍රසිද්ධ නිරූපිකාවක් කොටට ඇඳගෙන බණ අහන්න ගිහින්ය. ගිහින් නිකන් ඉඳලා නෑය.

(ඔව් ඉතින් නිකන් ඉන්නයැ බණ ගෙදර යන්නේ, බණ අහන්නනේ)

බණ ඇසීම නැතිවීම කෙසේ වෙතත් බණ අහනවා වගේ ඉඳලා ෆොටෝ ගහලාය. ඒ ෆොටෝ ෆේස් බුක් දමලාය.

(ඔව් ඉතින්, ෆේස් බුක් දාන්න නෙමේ නම් ෆොටෝ ගන්නේ වෙන මක්කටයැ)

සුපුරුදු පරිදි ඉන්ටර්නෙට් එකේ අයියලා ඒ ගැන කතාවය. ඉතින් මේ ඒ කතාව ගැන මේ අයියාගේ කතාවය.

(අල්ලපු ගෙදර වැලේ වනපු ජංගියේ හිලක් තිබ්බත් ඉතින් උඹල ඉන්ටර්නෙට් එකේ කියෝ ගන්න එකනෙ කරන්නෙ)

ඉන්ටර්නෙට් එකේ සමහර අයියලාට (සහ අක්කලාට) අනුව කොටට හැඳ බණ ඇසීම නෝටි වැඩකි.

(බණ අහන්න නෙමේ, කොහොම කොටට ඇන්දත් නෝටි තමයි)

කොටට හැඳ බණ ඇසීමෙන් වටේ ඉන්න පිරිමින්ගේ කාමය ඇවිස්සේ.

(කාමය විතරක් නෙමේ. කකුල් දකින එකෙන් රාගය ඇවිස්සෙනවා. ඊට පස්සේ ඒ කකුළ් ගැන ආසාවක් ඇති වෙලා මෝහය ඇවිස්සෙනවා. ඊටත් පස්සේ ඒ කකුළ් තමාට ලබා ගන්න බැහැයි කියන කටුක සත්‍යය වැටහුනාම ද්වේෂය ඇතිවෙනවා)

කොටට හැඳ බණ ඇසීමෙන් ලංකාවේ බුද්ධ ශාසනය පිරිහේ.

(බුද්ධ ශාසනය පිරිහෙන මූලිකම හේතුව ගෑණු කොටට අඳින එක නෙව).

පුටුවක හිඳගෙන බණ ඇසීම ආනත්තරීය පාප කර්ම වලට විතරක් දෙවෙනි වන පවකි.

(බණ අහද්දි පශ්චාත්භාගයේ කොටසක් පොළවේ ගෑවෙන්න ඕන කියලා කොහේදෝ කියල තියෙනවලු. එතකොට පව් අ(ර්)ත් වෙලා පින් වැඩි වෙනවලු)

ඒ එක් පිරිසකි.

(ඔව්. ඒ අපේ එල්ලුම් ගහ ඉල්ලන එලකිරි බෞද්ධ සෙට් එක. ජය වේවා)

අනිත් අයියලා (සහ අක්කලා) සෙට් එකට අනුව කොටට හැඳීම වරදක් නොවේ.

(මොකක් කිව්වා..?)

ඒ අයියලාට අනුව කොටට ඇන්දාම සාරි කෑලි එල්ලාගෙන ඉන්නවාට වඩා ආකර්ෂණීයයි ලුය.

(උංගේ අම්මලට, ආච්චිඅම්මලට කොටට අන්දලා ආකර්ෂණීය කරගන්න කියහන්)

කොටට අඳින එක ගෑණුන්ගේ අයිතියක් ලුය.

(හැමෝ එක්කම නිදාගන්න එකත් අයිතියක් තමා)

කොටට අඳින එකෙන් ගෑණියෙක්ව මනින්න බෑ ලුය.

(ගවුමේ දිග පළල මැනලා තේරුම් ගන්න බැරි එකීලා කව්ද කියල නම් මැන ගන්න පුළුවං)

කොටට ඇන්දාම කේන්ති යන්නේ පසුගාමී චින්තනය නිසා ලුය.

(මොකක්ද දැං මුංගේ මහ ලොකු ඉදිරිගාමී චින්තනේ? බුකියේ පොර ටෝක් දීලා හොරෙන් ගල් බලන එකද?)

බණ අහන්න ආවනං බණ අහන්නෙ නැතුව කෙල්ලන්ගේ කකුළ් බලන පිරිමි වැරදි ලුය.

(බුදුබණ වුනත් පැයක් විතර අහං අහං ඉද්දි කම්මැලි වුනාම ඔය වටේ තියෙන ගලක් දෙකක් බැලෙන බව ජීවිතේට බණ අහල නැති මුං දනීවියැ)

කෙල්ලෙක් රෑ 12ට ජංගියක් ඇඳන් ගිහින් දූෂණය වුනත් ඒකිගේ වැරැද්දක් නැතිලුය.

(නෑ. ගෙදර ගොරෝ ගොරෝ නිදන් හිටපු මගෙයි වැරැද්ද)

ඒ අනිත් අයියලා සෙට් එකය.

(පශ්චාත් නූතනවාදී ඩොලර් කාක් සෙකියුලර් කොල්ලො ගහන අවජාතක පරයො ටික)

ඒ අයියලා සහ මේ අයියලා කිව්ව දේවල් ගැන ඒ අයියලාත් නොවන මේ අයියලාත් නොවන මම අයියා කියන දේ මේකය.

(ආ කියහංකො බලන්න)

ගෑණියෙක්, කෙල්ලෙක්, ආච්චි කෙනෙක් බැයි නම් ඕන මල යකෙක් කොටට හැඳීමේ කිසිම වරදක් නැත.

(උඹත් අරුන්ගේ පැත්තේ නේද?)

කොටට ඇඳීම හෝ සාරි ඇඳීම හෝ බ්ලව්ස් ඇදීම හෝ නිල් පාට ජොක්කු ඇඳිම හෝ බොම්බයිමොටයි කෑම ඕනෑම එකෙක්ගේ අයිතියකි. අන් අයට හානිකර නොවන වැඩ කලාට වටේ ඉන්නා උන් ඒ ගැන කරදර විය යුතු නැත.

(එහෙම කොහොමද අපේ සංස්කෘතිය රකින්නේ?)

ඒත් මෙහෙම දෙයක් තියෙනවාය.

(කොහොම දෙයක් ද?)

ඕනෙම කෙනෙක්ව බැලූ පමණින් උන් ගැන නිගමන වලට ඒම මිනිස් ස්වභාවයය. කොටින්ම සක්කරයා මිනිස් වෙසින් මේ ලෝකයට ආවොත් ඌත් එහෙම වෙනවාය.

(උඹ කොහොමද දන්නේ?)

ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් කියල සිංහලෙන් කියන්නේ ඒකටය. බැලූ බැල්මට තම තමන්ගේ නැණ පමණින් එක එකා මැන ගැනීම අපි හැමෝම හැම දාම කරන දෙයකි.

(මමත් දැන් උඹවත් මැනගෙන එන්නේ. කියහංකො)

එනිසා මහදවාලේ හිරට හිරේ, කොටට කොටේ, ලිප්ස්ටික් තලියක් මූණේ අතුල්ලගෙන, මේකප් නාගෙන, කොණ්ඩ පාට කරගෙන කෙල්ලෙක් බැයි නම් කොල්ලෙක් බැයි නම් බල්ලෙක් හරි ඉඳියි නම් ඒකා/ඒකි/ඌ තමාගේ විරුද්ධ ලිංගික සෙට් එකේ ආකර්ශනය ගන්න තමාගේ ශරීරය යොදාගන්නා ජීවියෙක් කියලා නිගමනය කිරීම කිසීම වැරැද්දක් නැතිය.

(මොකක් කිව්වා?)

ඒත් එක්කම එක එක තැන් වලට ආවේණික සම්මත වුන ඇඳුම් පැළඳුම් තියෙනවාය.

(ඔව්, දැන් උදාහරණෙකට කුඹුරට බහින්නේ අමුඩේ ගහලම විතරනෙ අපි)

විශේෂයෙන්ම ආගමික ස්ථාන වලට ඇතුල් වෙද්දි සහ ආගමික වතාවත් වල යෙදෙද්දි අඳින්න ඕන සහ හැසිරෙන්න ඕන අන්දම ගැන ඒ ඒ ආගමිකයන් අතර සම්මුතීන් තියෙනවාය.

(ඔව් ඉතින්, ඒකනෙ මේ කියන්නෙ)

එනිසා ඒ සම්මුතීන් කඩ වෙන විදිහට ඇඳගෙන ඒ තැන් වලටම ගියොත් ඒ ආගමිකයෝ තැන් තැන් වල අහු මුළු ගානේ එහෙම යන එකා/එකී ගැන නරක කතා කිරීම අපේක්ෂා කල යුතු සරල සත්‍යකි. යථාර්තයකි.

(සත්‍යක්ද? යථාර්තයක්ද? දෙකෙං මොකක්ද?)

හරියට වෙඩින්ග් එකකට අමුඩයක් ගහගෙන ගියොත් එතන ඉන්නා උන් ඒ ගැන කතා වෙනවා වගේය. ඒ කතාවෙන්නේ ගැලපෙන්නේ නැති නිසාය. සම්මතයෙන් පිට නිසාය.

(කතා වීම කෙසේ වෙතත් අලුත්ම ස්ටයිල් එක කියලා හිතාගෙන ඕක ට්‍රෙන්ඩ් එකක් කරගනීද දංනෑ)

එහෙම සම්මත විදිහට යන්න බැයි නම් මේ ලියන මම අයියා වගේ ආගමික තැන් වලට නොයා සිටිය හැකිය.

(උඹත් පන්සලකට පල්ලියකට යන්නේ නැති කාලකණ්ණියෙක්ද?)

ඒ වගේම රෑ 12ට ජංගියක් ඇඳගෙන ගිහින් දූෂණය වුනොත් එතන වැරැද්දක් එහෙම ගිය ගෑණිගෙත් තියෙනවාය. ඒ අමු මෝඩකම වැරැද්දක් විදිහට සැලකෙනවා නම් පමණය. අමු මෝඩකම වැරැද්දක් නොවේ නම් කමක් නැතිය.

(උඹ දැන් කොයි පැත්තෙද කියහංකො)

අවසාන වශයෙන් කෙල්ලන්ගේ කකුල් නිසා බුද්ධ ශාසනය විනාශ වේය කියනා උන්ට කියන්න ඇත්තේ මේකය.

(මම එහෙම එකෙක්. දැං මොකක්ද කියන්නේ. ගේමද?)

නිරුවත් කකුළ් දෙකක් දැක්කාම සිල් බිඳගන්න මහලොකු ‘පින්වත්තු’ වෙච්චි උඹලට වඩා වැලක් බලලා අතේ ගහලා නිදාගන්න සාමාන්‍ය කොල්ලෙක් අවංකයි කියාය.

(නොදෝකින් තොගෙ හැකර කට ! ආයේ මගෙ බල්ලවත් එන්නෑ මේ බ්ලොග් එක පැත්ත පලාතෙ. ඔව්)

9 comments:

  1. බැරි වෙලාවත් පටාචාරා අද කාලෙ පන්සලකට ආවොත් මොනවා වෙයිද​?

    ReplyDelete
  2. කකුල් දකින එකෙන් රාගය ඇවිස්සෙනවා. ඊට පස්සේ ඒ කකුළ් ගැන ආසාවක් ඇති වෙලා මෝහය ඇවිස්සෙනවා. ඊටත් පස්සේ ඒ කකුළ් තමාට ලබා ගන්න බැහැයි කියන කටුක සත්‍යය වැටහුනාම ද්වේෂය ඇතිවෙනවා/////// ha ha ha

    ReplyDelete
  3. මොකද පකෝ ඇනෝ කමෙන්ට් කපන්නේ

    ReplyDelete
  4. මේ මාතෘකාවට ප්‍රසිද්දියේ කථා කරන්ට බැරි රිප්ලයි එක එන්නෙ පට්ට කුණුහබ්බෙන් නිසා.. 😂 මෙහෙ මගේ ලංකාවේ මිත්‍රයෙක් දවසක් මට ලංකාවෙම කෙල්ලෙක් (උගෙ වයසට උගෙ වචනයෙන් අක්ක පාරක්) පෙන්නල කියනව බලහන් ටික්කො අර පට්ට වේසි දැන් පල්ලියකට යනවා. ඕකුන් වගේ ආගම මාරු කරන වේසියෝන්ට අම්ම තාත්ත අමතක කරන එකත් ලොකු වැඩක් නෙමෙයි කියල. (මේ කියන්ට ප්‍රදාන හේතුව ඒ කෙල්ලව සෙට් කරගන්ට බැරි උන එක.

    ඊට අවුරුදු ගණනාවකට පස්සේ මගේ සිංහල බෞද්ද යාළුවා ඉස්ලාම් ආගමට කන්වර්ට් ද මොකක්ද උනා කියහන්කො... 🤓.. බුවා දැන් ඔරිජිනල් මුස්ලිම් කියහන්කො. පල්ලි යනවා කුරානේ කියවනවා නෝම්බි අල්ලනව නන්දන වින්දන ගොඩයි. (මේ ඔක්කොම උනේ අපේ බ්‍රිටිෂ් පකිස්ථාන් මැනේජර් කෙනෙකුගෙ අසීමිත යාළුකමක් නිසා)

    මටත් මේ ඩබලම සිය දහස් වාරයක් කතා කලා මුස්ලිම් වෙයන් කියල. හේතුව මම උන්ගේ මතය විදිහට ඉන්නෙ සාතන් / යක්ෂයා / අපායෙලු. මොකද මම අරක්කු බොනවලු. පච්ච ගහල ගහල දෙය්යො දුන්න පිරිසිදු මිනිස් හම අපිරිසිදු කරගෙනලු. හැබැයි මම ඉස්ලාම් ආගමට ගියොත් මම දෙය්යෝන්ගේ ලඟට යනවලු. (එක මාර ප්‍රපොසල් එකක් බන් 😂)

    මමනම් ඔය කොයි වෙලෙත් කිව්වෙ මට මගේ ආගම විදිහට ඉන්න බැරි කොට මම කොහොමද තව ආගමකට ඕන විදිහට ඉන්නේ, අනික මම පච්ච ගහගෙන අපායට යනවනම් මට කොහොමත් මේ අපායම හොඳයි කියල. (අනික ගංජා තලියක් උන් එක්ක ගහල ආගම කියවනවට වඩා මට පට්ට ෆන් ෂොට් එකක් දාල ෆිල්ම් එකක් බලන එක, අලුත් පච්චයක් ගහල හිතට ලැබෙන සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එක පට්ට ආතල්. අවුරැද්දකට සැරයක් ඩවුන්ලෝඩ් ෆෙස්ටිවල් එකේ දවස් 5ක් කෑම්ප් ගහගෙන ලෝකේ කවදාවත් දකින්නට ලැබෙන්නේ නැති රොක් අටිස්ට්ලා දකින එක ඊට එහා ෆන්.)

    තව අවුරුද්දක් දෙකක් ගියා. අර ලංකාවේ යාළුවා එක්ක මේ ලඟදි කතා බහකදී ආයෙත් දෙය්යෝ ඇදිල ආව. මම මොකෙක්ද එහෙකුට බනිනකොට මු කියපි යකෝ ටික්කො ඔහොම කතා කරන්ට එපා. අපිට මේ ඔක්කොම දේවල් දීල තියෙන්නේ දෙය්යෝ කියල. මම මෙච්චර අවුරුදු ගානක් මු මගේ යාළුවා නිසා කිසිම දෙයක් නොකිව්වට එදා මල පැනපු පාර "අනේ හු&£&@;:.. මට දෙය්යෝන්ගෙන් වැඩක් නැ. දෙය්යෝ මට සතපහක් නිකන් දීලත් නැ. අම්මට තාත්තට පින්සිද්ද වෙන්න අතපය හතර හොඳට තියෙන නිසා මහන්සි වෙලා වැඩ කරනව. මට ඔය දෙය්යෝන්ගෙන් වැඩක් නැ. මගේ දෙය්යෝ තමයි ඇත පය. ඔව් මම බොනවා. ඒත් ගංජා ගහල මොලේ කොලොප්පන් කරගන්නේ නැ" කියල කිව්වා. ඒත් මම ඌට ඌම එදා අර කෙල්ලට කිව්වා කතාව මතක් කරල දුන්නේ නෑ. මොකද මම ඌ ට වැඩ වැඩිමල් නිසා.

    හේතුව සමහක් මොඩයෝන්ට තේරුම් කරන්නත් තේරුම් ගන්නත් බෑ ආගම සහ ජීවිතය සහ සමාජයේ හැසිරීම. උන් පුදුම මෝඩයි.

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්, නියම කියමන කොල්ලෝ.

      Delete
    2. හික් හික් හිකිස් විචා මාමේ. මේ වගේ හොඳ ආතල් කථා හෝසෙට තියෙනව. වෙලාවක බලමු අම්බලන්ගොඩය ශ්‍රන්ගය වගේ ලියල දාන්ට.. 👊🏽

      Delete
  5. බණ අහන්ඩ යදි කොටට අඳින්ඩ ඕනෙ මොකද හාමුදුරු වරුන්ට නැත්තන් කොහෙන්ද ආතල් එකක් ගන්නෙ ....ගලක් දෙකක් බල පොඩි සැපක් ගන්ඩ ඉතින්..........මට මේ ලඟදි කීව හාමුදුරු කෙනෙක්ම ඒ ගොල්ලොන්ටත් හැගීම් දැනීම් තියනවලු......ඒ හිංද අවශ්‍යතා තියනවලු...පව්නෙ ඉතින්...

    ReplyDelete
    Replies
    1. සිවුරුකරුවෝද මනුෂ්‍යයෝය !

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...