Thursday, August 25, 2016

මේ වචන වලින් ප්‍රවේසම් වන්න


".....ලේ, අධ්‍යාපනය, නිදහස, සිංහල, දෙමළ, දරුවා, හාමුදුරුවො, දේශය, මව්රට, රණවිරුවා...."


සමහර වචන අස්සේ හැංගිලා තියෙනවා අපි නොහිතන තරමේ 'බරක්'

ඔය වගේ වචන තමයි කපටින් යොදාගන්නේ සාමාන්‍යය මිනිස්සුන්ගේ චින්තනය පාලනය කරන්න.. හෘද සාක්ෂිය තමාට ඕන විදියට නටවන්න.

උදාහරණයක් ගමු.

"අද හවස දෙපිරිසක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් නිසා පිහි ඇනුමකින් දෙදෙනෙක් මරුට"

ඔය තියෙන්නෙ නිවුස් එකක් ලියන්න පුළුවන් විදියක්. ඔය නිවුස් එකම විශේෂණ පද එක්ක මෙහෙම දැම්මොත් ඇත්ත පණිවිඩය වෙනුවට කොහොම පණිවිඩයක් යාවිද?

ආයෙම බලන්න

"අද හවස දෙමළ සහ සිංහල දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී දෙමළ පිරිස විසින් සිංහලයන් දෙදෙනෙකුව තියුණු අවි වලින් කපා කොටා ඝාතනය කොට ඒ මළ සිරුරු බිම දිගේ ඇදන් ගොස් අසළ තිබූ ගඟකට විසිකර ඇත"

වචන කිහිපයක් එකතු කල පමණින් පුද්ගලික ආරවුලක් නිසා හටගත් ගැටුම සමාජය තුළ වෙනම තලයකට ගෙනියන්න පුළුවන්.

කලින් ප්‍රවෘතිය වුනත් අර මම කලින් කිව්ව විශේෂණ පද දාලා වාර්තා කරන්නාට අවශ්‍ය විදියේ චින්තනයක් කියවන්නාගේ මනස තුළ නිර්මාණය කරනවා. වාර්තා කරන්නාට අවශ්‍ය විදියේ මානසිකත්වයක් කියවන්නාගේ මනස තුළ ඇති කරනවා.

"අපි පෙනී ඉන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්"

වගේ සටන් පාඨයක් ලේසියෙන් පැහැදිළි තර්කයෙන් වුනත් බිඳ දාන්න අමාරු ඒ නිසයි.

ඔය වැනි වචන අස්සේ මුල් බැසගෙන තියෙන සංකල්ප කියන්නේ පාලකයන්ට ජනතාවගේ මනස පාලනය කරන්න තියෙන tools විදියට ගන්න පුළුවන්.

ඒ වචන වලින්, සංකල්ප වලින් පරිස්සම් වෙන්න ඕන ඒකයි..

මොනව වුනත් අදාල දේටයි අදාල නැති දේටයි "මේක සිංහලබෞද්ධ රට යකෝ".. "නිදහස් අධ්‍යාපනය වෙනුවන් මැරෙනව යකෝ".. "'අත දරුවෙක්ට' 'සාහසික' ලෙස පහර දීලා යකෝ".. "හාමුදුරු කෙනෙක්ට ගරු කරන්න ඉගෙන ගනින්".. "මොනව වුනත් 'සිවුර'ට ගරු කරපිය".. "රණවිරුවන්ව කුණු අදින්න දාලා"

වගේ කතා ඇහෙද්දිම.. කියවද්දිම.. අර බර වචන ටික අයින් කරලා දෙකෙන් තුනෙන් හතරෙන් බෙදලා.. පෙරලා ප්‍රවෘතියේ නියම පණිවිඩය ගන්න නම් ටිකක් බුද්ධිමත් වෙන්න ඕන, වගේම ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි.

යමක් කියවද්දි තමාට මුලින්ම එන හැඟීම පාලනය කරන්න යොදාගන්න කපටින් පාවිච්චි කරන මේ වගේ උගුල් වලට අහු වෙන්න එපා.

නැත්තන් වෙන්නෙ "පළමුවත් 'මව් බිම'.. දෙවනුවත් 'මව් බිම'.. තෙවනුවත් 'මව් බිම'".. වගේ හිස් වචන කියන කපටින්ට "කලගුණ" සලක සලක ඉන්නයි.

ලේ...!

2 comments:

  1. මෙව්ව ගැන ලියන කාලෙත් අපරාදේ බන්.මටනම් ඔය "සිංහ ළේ" කියල බිත්තිවල ලියල දුවන ඇවුන්ගෙයි, ෆේස් බුක් එකේ මුස්ලිම් දෙමළ විරෝදී පොස්ට් ශෙයා කරන සිංහළ ඇවුන්ගේ කිසිම සිංහ කමක් නම් පෙන්නේ නැහැ. පොන්න කම ඇරෙන්ට. තනියම ගිහින් ඔව්ව පල්ලියක් කෝවිලක් ගාවට ගිහින් කිව්ව දවසට තමයි ඉතිපිසෝ වෙන්ට කන්ට ලැබෙන්නෙ 😂 දෙමළට ඔහොම කෙනහලි කරල පටන්ගත්ත යුද්දෙ ඉවර කරන්ට අවුරුදු 30ක් ගියා. මුස්ලිම් මනුස්සයගේත් ලිමිට් එක බොහොම ඉක්මනට පනින සීන් එකක් තියෙන්නෙ. එතකොටනම් මචෝ ලංකාව ලිබියාවක් වෙන එක බුදු හාමුදුරුවෝ හෙට බුදු වෙලා බණ කිව්වත් නවත්තනවා බොරු මචෝ. මම අද කිව්වා කියල හිතාගනින්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං. අපේ මිනිස්සු කැමති යුද්ධයක් ඇති වෙන එක වළක්වන්න නෙමෙයි. යුද්ධයක් ඇති කරල ඒක දිනන්න උත්සාහ කරන්න.

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...