Thursday, September 29, 2016

ෆේස් බුක් ලයික් වලින් ජීවිත බේරා ගැනීම


"ප්රාර්ථනාව බලසම්පන්නයි ඔබත් එක සිතින් ප්‍රාර්ථනා කරන්න"

තරුණියක් හදිසි අනතුරකට මුහුණ දීම නිසා එකතැන් වෙලා. ඇයගේ පින්තූරයක් එක්ක ශෙයාර් වෙන පෝස්ට් එකක උඩින් දාලා තිබ්බා ඔහොම. පුළුවන් තරම් ලයික් කරන්නලු, ශෙයාර් කරන්නලු, සුවය ප්‍රාර්ථනා කරන්නලු.. එතකොට ඇය ඉක්මනින් සුව වෙයිලු.

මේවට තමයි අධිසදාචාරවාදී දුහුල් සළු වලින් තමාගේ හෙළුව වහගන්න දතකන මැටි වහන්සේලාගේ සුචරිතවාදී ගොන් පාර්ට් කියන්නෙ

මීට ටික කාලයකට කලින් මුලින්ම මම දැක්කේ ඕකේ කතෝලික වර්ෂන් එක.

'මේ අසරණ දරුවා වෙනුවෙන් ලයික් කරන්න', 'ආමෙන් කියල ටයිප් කරන්න', 'පිළිකාව එක්ක සටන් කරන මේ දරුවාට ලයික් කීයක් ගන්න පුළුවන් වෙයිද?'

කිය කිය දෙවියන්ගේ අවධානය අරගෙන දෙන්න ෆේස් බුක් ලයික් බොත්තම පාවිච්චි කරන්න හදනවා මොළේ කළඳක් නැති මෝඩ මන්දබුද්ධිකයො ටිකක් වගේ.

දෙවියන්වහන්සේයි ජේසුයි දෙපැත්තට වෙලා ලැප් ටොප් දෙකක් ඇරගෙන ෆේස් බුක් එක දිහා බලන් ඉන්නව ඇති ලයික් ගාන ගණන් කර කර

චේතනාව හොඳ ඇති. ඒක ඇත්ත. නමුත් මේ විකාර වලින් කරන්නේ තමා කිසිම කෙනෙක්ට කිසිම විදියකට උදව්වක් නොකරන ගමන්.. උදව්වක් කලාය කියල හිත සනසගන්න එක. තමා විසින් තමාගේම පිටට තට්ටු කරගෙන 'උඹ මාර හොඳ මිනිහෙක්' කියල කියවගන්න එක.

හවසට ගෙදර ඇවිදින් ෆෑන් එක ඉස්සරහා වාඩි වෙලා ලැප් ටොප් එකත් දාගෙන ඒකේ ඉඳන් ලයික් බොත්තම ඔබ ඔබ, ශෙයාර් බොත්තම ඔබ ඔබ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ක්‍රමයක් තියෙනවා කියල කියන ෆේස් බුක් පෝස්ට් දකිද්දි කොච්චර නම් ආතල්ද?

කොච්චර නම් ලේසියිද මනුස්සයෙක්ව වැටිල ඉන්න තැනින් ගොඩ ගන්න.. ලයික් එකක් දාන්න විතරයි තියෙන්නෙ. ආමෙන් කියන්න විතරයි තියෙන්නෙ.. ප්‍රාර්ථනාවක් කරන්න විතරයි තියෙන්නෙ.

ඔන් ද ස්පොට් බඩු බනිස් වෙලා ඔක්කොම ලෙඩ රෝග සුවපත් වෙනවා, ලෙඩ්ඩු හොඳ වෙනවා, කොරු ඇවිදිනවා, අන්ධයන්ට පෙනීම ලැබෙනවා, පිළිකා සනීප වෙනවා.. හරිම ජොලි වැඩේ !

මනුස්සයෙක්ට කරන්න මීට වඩා බූරු වැඩ තවත් තියෙනවද?

කාටවත් සතපහක උදව්වක් නොකරම උදව් කලා කියල හිතාගෙන සැනසෙන එක.. එහෙම උන්ට කියන්න තියෙන්නේ අර මර්වින්තුමා කියපු කතාවම තමයි

"අනේ, තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්...."

ලයික් වලින් ජීවිත බේරගන්න හදන එඩිතර කරුණාබර දයාවන්ත ගොං යක්කු !

11 comments:

  1. ඔය හොඳයි බන්. දැකල නැද්ද ලෝකේ හොඳම අම්ම ඔයාගේ අම්මනම් ලයික් කරන්ට. ගොඩක්ම ආදරේ කෙනානම් ශෙයා කරන්ට. තව ඕනිනම් කොමෙන්ට් කරන්ට. මේ ෆොටෝ එකේ අරක දැක්කනම් සාදු කියන්ට. මේක දැක්කනම් බුදු සරණයි කියන්ට.

    තව ඒ මදිවට ඔව්ව උන් ශෙයා කොරනවානම් කමකුත් නෑ. ඔය වගේ ජාති වාදී පොස්ට් කිහිප සැරයක්ම මගෙ වෝල් එකේ ශෙයා කොරල මගේ හොඳම යාලුවෝ කිහිප දෙනෙක් මගෙන් වඳුරු කුණුහබ්බ අහගෙනත් තියෙනවා. උන්ට කියන්ට තියෙන්නේ මර්වින් සිල්වා කියපු දේම තමයි. 😂

    ReplyDelete
    Replies
    1. "අනේ, තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්...."

      උඹ කිව්ව වගේ "අනේ, තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්....කියල තමයි උන්ට කියන්න වෙන්නෙ මචෝ

      Delete
  2. "අනේ, තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්...." hik hik hik

    ReplyDelete
  3. :D කියලා වැඩක් නැ...මර්වින් වගේ අයව මාක්ට් කරන එකත් කියලා වැඩක් නැ...

    ReplyDelete
    Replies
    1. කව්ද මර්වින්ව මාකට් කලේ?

      Delete
    2. "අනේ, තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්...." මේක මර්වින්ගේ අදහසක් කියමනක් නොවැ

      Delete
  4. ඔව් බන් ඒකම වර්ගයේ සෙට් එකක් ඉන්නවා ම්ගේ ලිස්ට් එකෙත් ඕවා ශෙයාර් කරන...... සන්ජය font එකෙ size එක තව පොඩ්ඩක් ලොකු කරොත් මොකද.පොඩි වැඩියිනේ හොදටම

    ReplyDelete
    Replies
    1. හරි මචන්. හැදුවා :)

      Delete
  5. ඇයි බන් දැන් ලියන් නැත්තේ

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...