Tuesday, September 12, 2017

විල් යූ මැරී මී ?



ඉස්කෝලෙ යන උනුත් බඳින්නම බලාගෙන යාලුවෙන රටක..
යාලු වෙලා මාසයක් යන්නත් කලින් දෙපැත්තේ දෙමව්පියන් හම්බෙලා බඳින්න අවසර ඉල්ලන රටක..
අතින් අල්ලන්නත් කලින් බඳින්න පුළුවන්ද කියලා දැනගන්න කේන්දර ගලපන රටක..
කවදහරි හරි මාවම බඳියි කියන දැඩි විශ්වාස නිසාම කෙල්ල කොල්ල ඉස්සරහ කකුල් දෙක ඈත් කරන රටක..
ලව් කරපු කොල්ලා/කෙල්ල බඳින්නෙ නැතුව අත ඇරියොත් පොළවේ හැපි හැපී අඬ අඬ ජීවිත කාලකණ්ණි කරගන්න රටක..
බඳින්නේ නැතුව අතරමඟ සම්බන්ධයක් නැවතුනාම දෙන්නාම වෛරක්කායයෝ වෙලා නවතින ආකල්ප තියෙන මිනිස්සු ජීවත් වෙන රටක..
බඳින්න දුන්න බලාපොරොත්තු කඩ උනාම කෝච්චියට බෙල්ල තියන රටක..
බඳිනවා කියලා බැන්දේ නැති වුනාම පිහිපාරවල් ඇනලා තමාගේ සහකරුවා/කාරිය ඝාතනය කරන රටක..

මැරේජ් ප්‍රපෝසල් එකක් කියන එක 'සර්ප්‍රයිස් එකක්' වෙන්නෙ කොහොමද කියලා පුළුවන් මොකෙක් හරි මට කියල දෙනවකො ඕයි !


11 comments:

  1. මටත් මේක තේරුම්කරල දෙනවකො ඕයි..!! 👍🏽

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න බං, ප්‍රශ්න :D

      Delete
  2. හැමෝම් ඔය වගේ නෑනෙ ඔයි... සමාජෙ වෙනස්නෙ ඔයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන් ඔහොමයි ඕයි.. කෝමත් ලංකාවේ සංස්කෘතියට අනුව නම් ලව් කරන දෙන්නෙක් බඳිනවා කියන එක උන් දෙන්නට පුදුමයක් නෙමේ ඕයි ;)

      Delete
  3. කොල්ලන්ටයි කෙල්ලන්ටයි කියලා ඉස්කෝල වෙන වෙනම තියෙන රටක
    කාන්තා නේවාසිකාගාර පිරිමි නේවාසිකාගාර කියල සරසවි නේවාසිකාගාර තියන රටක
    ගෑනු බඩු මිසක් තමන් සමාන ජීවීන්ය කියල නොහිතන රටක
    බස්සෙකේදිත් ලිංගික අසහනය සංසිඳවා ගන්න ජැක් ගහන රටක
    පිරිමියෙකුට සහ ගෑනියෙකුට ලිංගික සම්බන්ධතාවලින් තොර යාලුකමක් තියෙන්න බෑ කියල විශ්වාස කරන රටක
    තනි මවක් ලෙස දරුවෙක් හදාගෙන රස්සාවක් කරගෙන ඉන්න ගෑනු මනුස්සයෙකුට නිදහසක් නැතිරටක
    වේස ගෑනු මිස වේස පිරිමි නැති රටක
    ගෑනු වෙලා උපදින්නෙ පවුකරලයි කියලත් කියන රටක
    දුවලට වඩා පුතාලට සලකන රටක
    පිරිමි විතරක් නෙමේ ගෑනුත් මේව හරියි කියල හිතන රටක
    ලැයිස්තුව නං තව දිගයි හලෝ...
    ඕකත් පුදුම වෙන්න දෙයක්ද

    ReplyDelete
    Replies
    1. මරු බං !

      ඇනෝ - ඔබ කවුද ප්‍රියේ?

      Delete
  4. හෙහ් හෙහ්.. අපි වගේ දූපත් මානසිකයොන්ට ඔව්ව තේරෙන්නෙ නෑ බංස්.. ඉන්ටර්නැෂානල් කෙල්ලො එකට හිටියට, අරව මේව කොරාට මොකද බඳින්න කැමති වෙන්නෙ නෑ ලු ලේසියකට..

    ReplyDelete
    Replies
    1. හරීම අමාරුවෙන් දණ ගහල තමා කැමැත්ත ගන්නෝන. ඔව් :D

      Delete
  5. මේවා දැවෙන ප්‍රශ්න බං!

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...