Saturday, January 13, 2018

රැග


රැග් කරන්නේ සමානාත්මතාවය ඇති කරන්නලු.......සමූහයක් විදියට වැඩ කරන හැටි කියල දෙන්නලු.......

ජීවිතයේ අවුරුදු 18ක් 19ක් පාසලක ඉගෙනගෙන මූලික විෂය කරුණු ගැන දැනුම අරගෙන විභාග ලියලා විශ්ව විද්‍යාලයකට යන්න සමත් වෙන වැඩිහිටි කොටසකට....

...රටේ සතරදිග්භාගයෙන් විවිධ පාසැල් සහ සමාජ මට්ටම් වලින් පැමිණෙන අය අතර තිබිය යුතු සමානාත්මතාවය ගැන කියල දෙන්න අමුතුවෙන් රැග් කරන්න ඕන නම්,

එතනදි අපිට ප්‍රශ්න කරන්න වෙනවා මේ අයට අවුරුදු ගාණක් හය හතර කියල දුන්න පාසල්(මාතාවල්) වල සිස්ටම් එකයි,

මේ අයව ඒ තත්වය වෙනකල් ගෙනාපු සමාජ ක්‍රමයයි ගැන.

රැග් කිරිල්ලේ, ගෝත්‍රිකවාදයේ, කල්ලිවාදයේ මානසිකත්වයට මූලික අඩිතාලම වැටෙන්නේ පාසැලෙන්ද කියල කවුරු හරි ප්‍රශ්නයක් නැඟුවොත් ඒක අසාධාරණ ප්‍රශ්නයක්ද?.

"එක කල්ලිවාදයකින් තවත් කල්ලිවාදයකට 'බලෙන්' මාරු කරවීම"

වෙන රටවල් වල සිසුසිසුවියන්ට සමූහයන් විදියට ක්‍රියාකරන හැටි හුරුකරවන්න මනෝවිද්‍යාත්මක පදනම් වලින් යුත් කණ්ඩායම් ක්‍රියාකාරකම් වල කුඩා කාලයේ ඉඳල යොදවද්දි.. නායකත්ව පුහුණුවීම් වල යොදවද්දි,

අපේ රටේ සිසුසිසුවියන්ට සාමූහිකත්වය කියල දෙන්න දණ ගස්සවලා කන් දෙක අල්ලලන් හාවො පන්නන්නවා.. මූණවල් වල කළු තෙල් ගාලා කුණුහරප කියවනවා..ඇඳුම් ගලවලා නිරුවත් කරලා අවමානයට ලක් කරනවා...

විශ්ව විද්‍යාල වල විතරක් නෙමේ, රට පුරා කාර්යාලවල, රාජකාරී කරන තැන් වල පවා අඩු වැඩි වශයෙන් මේ රැග් කිරිල්ලේ මානසිකත්වය තියෙන, රැග් කිරීමේ අවශ්‍යතාවය දකින මිනිස්සු හම්බෙනවා..

අපි විසින් අපිවම රැග් කරගන්නා සමාජයක් !

පාසල් වලින් හදන කල්ලිවාදයයි.. විශ්ව විද්‍යාල ඇතුලෙ ඒ කල්ලිවාදය කඩලා බලහත්කාරයෙන් වෙන කල්ලිවාදයක් නිර්මාණය කල යුතුය කියන මානසිකත්වයයි අරගෙන ඔය දෙක අතර සම්බන්ධකමක් තියෙනවද කියන එක හිතල බලන්න වටින කාරණයක්.

ඕන තරම් වෙලා ගන්න.. හිතලාම බලන්න

6 comments:

  1. මේ සේවයක් කරන්න නොමිලේ සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන කට්ටියක්ද රැග් කරන්නෙ. ඊට වඩා හොඳයිනෙ නොමිලේ උසස් පෙල සිසුන්ට ටියුශන් දුන්නනං

    ReplyDelete
    Replies
    1. ළමයින්ගේ ඔලු හදන්න මාරම පුකේ අමාරුවක් තියෙන්නේ. පව්

      Delete
  2. සමානාත්මතාවය ගැන කියලදෙන්න රැගට වැඩිය ශිෂ්ඨ ක්‍රම නැද්ද? අර කියන්නා වගේ අවුරුදු 18 වෙනකම් දෙමව්පියොයි ගුරුවරුයි මොකුත් කරල නෑනෙ. අවුරුදු18 19 උන් විශ්ව විද්‍යාලෙට ගිහින් අවුරුද්දක් දෙකක්කින් සමානාත්මතාවය ගැන කප් ගහලනෙ.

    ReplyDelete
  3. මමනම් රැග් කිරිල්ලට එකෙන්ම විරුද්දයි. අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එකත් එක විදිහකට රැග් එකක්. ඒ වගේම අමතර පන්ති, විභාග පාස් කරගන්න එක විශ්ව විද්‍යාලයට යන්න මහන්සි වෙන එකත් අපි අපිටම කරගන්න එක එක විදිහට රැග් තමයි. දෙයකට "නවක" වීම "වදයක්" විඳීම තරම් සුදුසුකමක් නෙමෙයි. මේකට එක එක අය එක එක අර්ථ දක්වනව. ඒත් මගෙ අදහස නම් යම්කෙනෙක් තව කෙනෙකුට මානසිකව හෝ කායිකව නවක වදයක් දීමට ඉදිරිපත් වේනම්, ඔහු හෝ ඇය මානසික වයිද්‍යවරයෙකුට පෙන්විය යුතුමය. හේතුව ඔහු සමාජය ට වයිර කරන නිසයි. මේ අවූනුයි ත්‍රස්තවාදින් අතරයි කිසිම වෙනසක් නැහැ.

    ReplyDelete
  4. ඕකම කිව්වා චන්දන සූරියබන්ඩාර, ලක්ෂපති වැඩසටහනේ.
    එදා සීට් එකට ආවේ විශ්ව විදයාල ශිෂ්‍යෙයක්. මිනිහා කිව්වා රැග් කරන්නේ ඒ අළුතින් ආපු අයට සමානාත්වතාව කියලා දීලා සමාජ ගත කරන්න කියලා. දෙනෝදාහක් ඉස්සරහා චන්දන මිනිහාගෙන් ඇහුවා ‘එතකොට අවුරුදු විස්සක්ම ඒ ළමයි සමාජගත වෙලා නැතුව ද ඉඳලා තියෙන්නේ කියලා.‘ මුන් මෝඩ උද්දච්ච ගොන් හැත්තක්...

    ReplyDelete
  5. මං හිතනවා රැග් එක හොඳයි කියලා. ඒත් සීමවක් තියෙන්න ඕනා..
    මොකද එතනදි ඇත්තටම ජීවිතේ කට්ට ඉගෙන ගන්නවා. රැග් කාලෙට සීනියර්ස්ලා බනින බැනුම් නිසා, ඕනම බැනුමක් ජොබ් වලදි අහන් ඉන්න පුරුදු වෙනවා... ඕනම කුණු කතාවක් අහන් නොසැලී ඉන්න පුරුදු වෙනවා... බැජ් එකක ෆිට් එක හැදෙනවා.. ඒත් ජොබ් වලට ගියාම නම් ඒවා නෑ..

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...