Thursday, April 28, 2016

රජතුමාට නිකමෙක් කුණුහරපෙන් බැනලා !

රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට රටට ඇතුල් වෙන විදෙස් රටක නායකයෙක්ගෙ ඔලුවට තුවක්කුවකින් කෙළලා අරින එකෙක් අපිට වීරයෙක් වෙද්දි, අපේ රටේ 'හොඳ' ජනාධිපතිට කුණුහරපයක් කියන එකෙක් අපිට දුෂ්ඨයෙක් වෙනවා.

ඒක තමා අපේ ශිෂ්ඨත්වය, සභ්‍යත්වය.. හැදියාව

රජ්ජුරුවන්ට කුණුහරපෙන් බනිනවද එහෙම?

අපි දැනගන්න ඕන අපේ තැන ඉන්න

රජතුමා කොච්චර අවලම් වැඩ කලත්, ඒවාට අවලම් වැඩ කියන්න හොඳ නෑ...

රජතුමා කොච්චර පොන්න වැඩ කලත් ඒවාට පොන්න වැඩ කියන්න හොඳ නෑ.. නෑ..

රජතුමා ගමරාල කෙනෙක්ගේ භූමිකාවයි ජනාධිපතිතනතුරේ භූමිකාවයි තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති ගොං වහන්සේ කෙනෙක් වුනාට එතුමාට ගොං වහන්සේ කියන්න හොඳ නෑ. නෑ..නෑ..

රජතුමා රාජ්‍ය පාලනය සම්බන්ධ තීරණ පත්තරෙන් දැනගන්න, රටට වඩා පක්ෂය ලොකු කරගත්ත, පඹ ගාලක පැටලුන කොයිතරම් කාලකණ්ණි පිස්සු *කන්නෙක් වුනත් එතුමට එහෙම කියන්න හොඳ නෑ..නෑ.නෑ..නෑ

"රජතුමෙනි.. සොරි.. ගමරාළතුමෙනි.. ඔයා හරීම.. නරක සමනලයෙක් !"

පලාත් සභා මන්ත්‍රීකෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක් හෙම සාමාන්‍ය මනුස්සයෙක්ට කුණුහරපයෙන් ඔහොම කතා කලොත් එදාටත් ඔය ඉක්මනින්ම ඌවත් අල්ලලා හිරේ දායි මයෙ හිතේ..

ඒක නං මට ඉර හඳ වගේ විස්සාසයි

මොකද අපි ජීවත් වෙන්නෙ අශිෂ්ඨත්වය ඉදිරියේ අකුරටම නීතිය ක්‍රියාත්මක වෙන රටකනෙ...හා නැද්ද?

පොඩ්ඩක් නික..මට වගේ නිකන්ම නිකන් හිතල බලන්න.

වෙන වෙලාවට ක්‍රියාත්මක නොවෙන නීතියක් මෙවෙලේම අකුරට ක්රියාත්මක වෙන එකෙන් හිතෙන්නෙ නැද්ද මේක සාමාන්‍ය මනුස්සයෙක් සහ ජනාධිපති කෙනෙක් අතර ප්‍රශ්නයක් නෙමේ..

මහජනතාව සහ පාලකයො අතර ප්‍රශ්නයක් කියල..

මේකෙන් පාලකයා දෙන්නෙ මැසේජ් එකක්. ඒ මැසේජ් එක තමයි නීතිය කියන්නෙ ඌට ඕන වෙලාවට ඌට ඕන විදියට ඌට ඕන අයට විරුද්ධව පාවිච්චි කරන්න තියෙන අවියක් කියන එක..

ඒ අවිය නියම එල්ලයට නියම වෙලාවට ඉලක්ක වෙන්නෙ අනිත් පැත්තෙ සාමාන්‍ය මනුස්සයෙක් ඉද්දි විතරයි..

අනිත් පැත්තෙ ඉන්නේ වෙන එකෙක් නම්, ඒ කිව්වෙ බලය තියෙන එකෙක් නම්.. එතනදි නීතිය ක්‍රියාත්මක වීමේදී පොඩි කන්ඩිෂන් බලපානව.. කාලගුණ තත්වය, වාතයේ අර්ද්‍රතාවය, කාමර උෂ්ණත්වය.. ඔය  ඔක්කොම සලකලා බලලා හිත නොරිදෙන ඇඟ නොරිදෙන විදියට ඉස්පිරිතාල පහසුකම් හෙම එක්කයි ලාවට වගේ නීතිය ක්‍රියාත්මක කෙරෙන්නෙ.

ඔය බැනපු මනුස්සයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා.. ඔහොම බැන්නෙ වෙන කෙනෙක්ට නම්.. දවස් දෙක තුනකින් සීන් එක අමතක වෙලා ගිහින් මෛත්‍රීගේ ආණ්ඩුවට පැනලා ඇමතිකමකුත් ගන්න තිබ්බා..

කියනවට නිකන්.. නික...මට හිතන්න.. හිතල බලන්න

බොරුද කියල?

ප/ලි - 

එක,

රජීව් ගාන්ධි රටට පැමිණීමේ හරි වැරැද්ද වෙනම කාරණයකි. මිනිස්සු අකමැති නිසා රජීව් ගාන්ධිගේ ඔලුවට තුවක්කුවෙන් ගහන එක නිවැරදි නම්, හෙට රටෙන් බහුතරයක් මෛත්‍රීට අකමැති වුනොත් හෙට හවසට අරූම කුණුහරපෙන් වීඩියෝ එකක් ගහලා අප්ලෝඩ් කිරීම නිවැරදි විය යුතුය.

දෙක,

මේ සම්බන්ධව නීතිය කුමක්ද කියා දනිමි. නීතිය ඉදිරියේ තීරණය වෙන්නේ යමක හරි වැරැද්ද නොව යමක නීත්‍යානුකූලද නැද්ද පමණක් බවත් සඳහන් කරමින් සටහන අවසන් කරමි.

19 comments:

  1. Replies
    1. මොකෝ හිනා වෙන්නෙ? ;) :D

      Delete
    2. ස ර ස තුමාටත් ඇතුලට යන්න වෙයිද කියලා සිතුනවිට හිනා ගියෙමි!
      :D

      Delete
    3. කට පරිස්සම් කරගත්තෙ නැත්තන් අපි කාටකාටත් බබා හම්බෙයි වගේ. අද දැක්කා මත්තල ගුවන්තොටුපලේ වැඩකරපු කෙනෙක්ගේ වැඩ තහනම් කරලා, සමාජජාලා වල ආණ්ඩුව විවේචනය කලාය කියල.

      Delete
  2. ගිය ජනවාරි වෙනකන් රජපවුලේ ඕනම කෙනෙකුව නිදහසේ විවේචනය කරනන් දීල තිබ්බ නිදහස නැති කරපු ජරාපාලනය ගැන නම් කියන්න දෙයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මොකක් කිව්වා? :D

      Delete
    2. නෑ ඉයන්. සාපේක්ෂකයි. අපි රාජාණ්ඩුවාදී පාලනය ප්‍රතික්ෂේප කළා. ඒක ගැන සතුටුයි. ඒක කරපු ගමරාළට හැබැයි, ඒ වගේ හැසිරෙන්න පොඩි හරි උත්සාහයක් ගත්ත තැනකදි අපි ආයෙත් එරෙහි විය යුතුයි.

      Delete
    3. රජපවුල ගෙන ගිය පාලනයේ තත්වයටම වර්තමාන ආණ්ඩුව තවම වැටිලා නැහැ. හැබැයි යන විදියට ඒ තත්වය පහුකරගෙන යන දවසත් වැඩි ඈතක නැහැ වගේ.

      Delete
  3. මම නං මේ ලිපියේ කැමතිම කොටස අන්තිම වාක්‍ය.....//මේ සම්බන්ධව නීතිය කුමක්ද කියා දනිමි. නීතිය ඉදිරියේ තීරණය වෙන්නේ යමක හරි වැරැද්ද නොව යමක නීත්‍යානුකූලද නැද්ද පමණක් බවත් සඳහන් කරමින් සටහන අවසන් කරමි.////

    නීතීයට, සමාජය හරි පැත්තට ගන්න පුලුවන් සියළුම දේ කල නොහැකි, කෝකටත් තෛලයක් නොවන යන අදහසක් එහි තියෙනවා....ඒ අඩුව පුරවන්න පුලුවන් මොන වගේ දේකට කියලද හිතන්නේ......

    මොනා උනත් පාලකයන් නීතිය තමන්ට ඕනා අයට විතරක් යෙදවීමේ ආසාධාරණය සම්භන්ධයෙන් බණ්ඩාත් එක්ක එඟගයි.....

    ඒ වගේම පුද්ගලයෙක්ගේ භාශණයේ නිදහස සීමා වෙන්නේ කොතනින්ද කියන් ප්‍රශ්ණයත් මෙතැනින් පැන නගිනවා....

    විවේචනය එකක්...ඒත් අපහාසය හා තර්ජනය තව එකක්......අපේ කට්ටිය හැමදාම කරනවා වගේ මේවා දිහාත් පාට කණ්ණාඩි දාගෙන බලන එක නම් වැරදි දෙයක්...

    ReplyDelete
    Replies
    1. නීතිය පවතින එක වැදගත් බං. නීතියෙන් කෙරෙන්නේ සාධාරණත්වය ඉෂ්ඨ කිරීම, යුක්තිය ඉෂ්ඨ කිරීම කියන ඒවා බයිලා. නීතියෙන් කරන්නේ මිනිස්සු පාලනය කරන එක. ඒ පාලනය අවශ්‍යයි. ඒ කාර්‍ය ඉතින් නීතියෙන් කරනවා. නීතිය ක්‍රියාත්මක වෙන විදිය වෙනම කතාවක්.

      නීතියට මිනිස්සු තුළ විනය 100%ක් හදන්න බෑ කියන එක පැහැදිළි කාරණයක් නෙ. ඒකට තමා මිනිස්සු සමාජ සම්මුතීන් හදාගෙන තියෙන්නෙ. ආහාර ගද්දි තළු මරමින් කන්නේ නැතුව හඬ නොනැඟෙන්න කන එක.. පෝලිමක යද්දි එකා පස්සෙ එකා පිළිවෙලට යාම(මේක නම් අපේ රටේ හරිම අඩුයි කෙරෙනවා)..වගේ දේවල් වල ඉඳලා අනිත් මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට ගරු කිරීම වගේ දේවල් දක්වා පාලනය විය යුත්තේ සමාජ සදාචාරාත්මක සම්මුතීන් මඟින්(ආගම කියන්නෙත් සදාචාරය ගැන සම්මුතියක් තමා.. ආගම සහ සදාචාරය වෙන් කරන්න ගියොත් වැඩේ දෙල් වෙනවා. ආගම් කියන්නෙත් මිනිස්සු සදාචාරය අර්ථ දක්වන්න ගත්ත උත්සාහයන්. ඒවත් අවශ්‍ය කාලයක් තිබුනා. දැනටත් අවශ්‍යයි. අනාගතයට අවශ්‍යද කියන එකයි සාකච්ඡා කල යුත්තෙ)

      භාෂණයේ නිදහසේ සීමාව ගැන කතාව හරි. සීමාවක් තියෙන්න ඕන. ඒක සාකච්ඡා විය යුතුයි.

      Delete
  4. ඇයි බූරුවෝ රජීව්ට ගහපු එකාට දඬුවම් කළා මතක නැද්ද? මෛත්‍රීට විතරක් නෙවේ, මහින්දට වුනත් අනීවාරතේ අපහාස තර්ජන කරනවානම් උන්ට විරුද්ධව ක්‍රියා කරන්න ඕනේ. අද කමෙන්ට්ස් ගහන්න බැරි විදිහට සයිට් හදාගෙන වැඩිපුර ගන්නේ මහින්දටද මෛත්‍රීටද කියලා උඹේ පුක් මොලෙන් හිතලා බලපන්. එදා මරාට එහෙම ගැහුවනම් මොකද වෙන්නේ. අනේ හුකේ නන්නානේ.

    ReplyDelete
  5. ආය...... රජ්ජුරුවන පුලුවන්යැ බැනුම් ඉවසන්ට...උන් වහන්සේ ට හිටං ද දන්නෑ බැනල තියෙන්නෙ....(පැරකුම්බ්‍රා මා වත් හිරේ දමාවියැයි බියෙන්)

    ReplyDelete
    Replies
    1. මූ මඩහෝදාගෙන දැන් ඉන්නෙ. දැන් ගමරාළ එන්න එන්නම රජ කොලිටීස් තමා පෙන්නන්නෙ බං

      Delete
  6. හීනෙන්වත් තමන් රජ වෙලා ඉන්නවා නොදැකපු ගමරාල කෙනෙක් දැන් රජවෙලා කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. ඒ වගේම තමා ඉස්සර එසේය මහරජ කියාගෙන හිටපු සම-හරක්ට දැන් තියෙන නිදහස දරා ගන්න බෑ. ඒ නිසා ඒක වල් බූරු කරගෙන පිස්සු හැදුන රිලවු වගේ කෑගහනවා.

    අර උඩ ඇනෝ කියනවා වගේ මෛත්‍රීට විතරක් නොවෙයි, මරාට, රනිල්ට ආදී ඔය හැමෝටම අසාධාරණ විදියට මෙහෙම කරන උන් ඇතුලට දාන්න ඕනේ. ඒත් එහෙම වෙනවනම් ඉතින් මේක අම්මට සිරි ලංකාව [© මාතලන්] නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. එකෙක්ටවත් මේක යම් මට්ටමකවත් කරගෙන යන්න බැරි ඇයි කියන එක හිතාගන්න බැහැ. එකෙක්ට හපන් තවත් එකෙක්. මුං ඔක්කොමලව මකවලම හැදුවොත් මිසක ඊළඟට එන එකත් මීට වඩා වැඩි වෙනසක් පෙන්නන එකක් නැහැ.

      Delete
  7. පිහියෙන් ඇන්නත් වෙඩි තිබ්බත් ඒකත් සාධරණීකරනය කරන්න ඉඩ තියෙනවා මේ විදියට..

    මෛත්‍රිට නෙමෙයි.. මහින්දටවත්, රනිල්ටවත් කිසිම පුද්ගලයෙකුට මේ විදියට අපහාස කරන එක නීතියෙන්ම අපරාධයක්...

    ReplyDelete
    Replies
    1. නීතිය ගැන දන්න නිසා තමයි අන්තිමට ඒ ගැන සඳහනක් කලේ. ප්‍රශ්නය කියන්නෙ අපහාසය කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්න යාමේදී. මෙතනදි පැහැදිළි අපහාසයක් වුනා, ඇත්ත. නමුත් මම කතා කරන්නේ මේ සිද්ධියම ගැන විතරක් නෙමේ. අපහාසය ඩිෆයින් කිරීමේ බලය තියෙන්නෙත් පාලකයා (හෙවත් නීතිය) යටතේ. ඒක මම දකින විදියට අවුලක්. කොච්චර කිව්වත් මම හිතන්නෙ, (මේ වගේ) යූ ටියුබ් වීඩියෝ එකක් නිසා මනුස්සයෙක්ව අත් අඩංගුවට ගන්න එක තේරුමක් නැහැ කියල, අඩුම ගානෙ දැනට.

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...