Monday, August 1, 2016

හොඳටම රඟපාන්නෙ කව්ද?



හොඳටම රඟපාන්නෙ කව්ද?

දුලීකා මාරපන හොඳයි?? පිස්සුද බං ඒකි ඕවර් ඇක්ටින්ග්..

ජැක්සන් ඇන්තනි.. සමහර ඒවා හොඳයි.. ඒත් ඌත් ඕවර් ඇක්ටින්ග් නේද?

මේ ඒක නෙමේ. මම ආසම නිලිය චාන්දනී සෙනෙවිරත්න බං.

ලංකාවෙ හොඳට රඟපාන උන් එකෙක් නැද්ද කියලද අහන්නෙ?

ඇයි බං කමල් අද්දරාරච්චි ඉන්නෙ.. තව….මහේන්ද්‍ර පෙරේරා.. හැබැයි මහේන්ද්‍රගෙන් හරියට වැඩක් ගන්න අපේ උන්ට පුළුවන් වුනේ නෑ.. ඌට රඟපාන්න තරම් චිත්‍රපටි, උගේ හැකියාවට හරියන චරිත අපේ රටේ හැදෙන්නෙ නෑ.. ලංකාවෙ ඕල් ටයිම් ග්‍රේටස්ට් නම් ඉතින් ජෝ අබේවික්‍රම තමා ආයෙ කතා දෙකක් නෑ

මොකක්….ෂාරුක් ඛාන්? ඒ පාර ඉන්දියාවට ගියාද?.. ෂාරුක් උගෙ ඕඩියන්ස් එක කොර වෙලා යන්න රඟපාන්න දන්නවා

ඊළඟට සල්මාන්ද? ඌට රඟපාන්න බෑ බං. ඌ ගැන කතා නොකර ඉමු

ආමීර්.. වරදක් නෑ.. උගෙ චිත්‍රපට බලං හරි ඉන්න පුළුවන්

දැන් මම කියන විදියට කාටද හොඳටම රඟපාන්න පුළුවන් කියලද අහන්නෙ?

බලහන් රොබර්ට් ඩී නීරෝගෙ ටැක්සි ඩ්‍රයිවර්.. බ්රැන්ඩෝගෙ ගෝඩ් ෆාදර්.. ඩැනියෙල් ඩේ ලුවිස්ගේ දෙයාර් විල් බී බ්ලඩ්..ඇන්තනි හොප්කිස්ගෙ සයිලන්ස් ඔෆ් දි ලෑම්බ්ස්..අල් පචීනෝගේ සර්පිකෝ.. ඊළඟට උගෙම ඩෝග් ඩේ ආෆ්ටර්නූන්.. එතනින් ගියාම ඩස්ටින් හොෆ්මන්ගේ ලෙනී.. එතනින් ගියාම ජැක් නිකල්සන්ගේ…මොකක්??

මම සුද්දන්ට අදිනවා? නෑ යකෝ.. මම දැක්ක හොඳම ඇක්ටින් ඕවා තමයි

කරුමෙටද කොහෙද උන් ඔක්කොම සුද්දො

ඒකට මං මොනව කරන්නද බොල !

8 comments:

  1. අපේ සිනමාවෙන් එහාට ගිහින් ලෝක සිනමාව ගැන හොයන්නෙ, නරඹන්නෙ හා නලු නිලියො ගැන දන්නෙ කීයෙන් කී දෙනාද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත බං. ගොඩක් අය බැලුවොත් බලන්න ඇක්ෂන් ෆිල්ම්ස්ම විතරයි

      Delete
  2. වැඩිය ඕනෙ නෑ. ඔය හොලිවුඩ් සිනමාවෙ බොළඳ චිත්‍රපටියක ළමා නලුවෙකුගෙගෙ රඟපෑම් බලන්න. රඟපෑමක් කියල හිතෙන්නෙ නෑ. අපේ ප්‍රොෆෙෂනල් මහ නලුවෙකුට වැඩිය කිහිප ගුණයක් හොඳයි. මම හැමදාම තනියෙන් කල්පනා කරන දෙයක් ඕක.

    ReplyDelete
    Replies
    1. හැබැයි බං අපෙත් හොඳ නළුවො නැතුවා නෙමෙයි. වැඩේ කියන්නෙ ඒගොල්ලන්ට ඒ දක්ෂතාවය පෙන්නන්න නිර්මාණ බිහි වෙන්නෙ නැති එක. අපේ චිත්‍රපටි වලට තියෙන මාකට් එක කුඩයි. මහේන්ද්‍ර පෙරේරා වගේ නළුවන්ගෙන් හරි ප්‍රයෝජනය ගත්තේ නෑ කියලයි මට නම් හිතෙන්නෙ

      Delete
  3. රොබර්ට් ඩී නීරෝගෙ ටැක්සි ඩ්‍රයිවර් හැදුවේ මචෝ මෙන්න මේක කොපි කරලා

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි එහෙමද? කොහෙන් හරි හොයාගෙන බලන්න ඕන බං

      Delete
  4. මහේන්ද්‍ර තමයි මගෙත් එක. වාසනාවට ජය ශ්‍රී ඩබලත් එක්කම බුවාව හම්බ වෙලා තියෙනව. ලඟදි අහන්බෙන් බැලුව "ගොළු තාත්තා" 10/10 මචෝ. බලල නැතිනම් බලපන් "perfume - story of a murderer". 👊🏽

    ReplyDelete
    Replies
    1. "perfume - story of a murderer" - මේක නම් බලල තියෙනව. පට්ට ෆිලුම් එක

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...