Monday, August 22, 2016

සිංහලබෞද්ධයාගේ හෙළුව



උපතින් කවුරුත් බ්‍රහ්මයෙක්වත් වසලයෙක්වත් වෙන්නේ නෑ, උපතින් කවුරුත් උසස්වත් පහත්වත් වෙන්නෙ නෑ, කෙනෙක්ගෙ ක්‍රියාවෙනුයි ඒක තීරණය වෙන්නෙ කියලා බුදුහාමුදුරුවො ඉගැන්නුවලු.

ඒත් බුදුන්ටත් වඩා බෞද්ධ ලංකාවෙ සමහර සිංහලබෞද්ධයෝ හිතාගෙන ඉන්නෙ ඒගොල්ලන්ට උපතින් හම්බුන සිංහලකමයි බෞද්ධකමයි නිසාම ඒ අයට රටේ වෙන ජාතීන් ආගම් වල මිනිස්සුන්ට වඩා උසස් තැනක්, විශේෂ වරප්‍රසාද හම්බෙනව කියල

ඒ අතින් මේගොල්ලො වැඩියෙන් සමාන වෙන්නෙ සුදුඅධිපතිවාදීන්ට (White Suprimict) මිසක බුදුන්ගේ අනුගාමිකයන්ට නෙමේ

මේ සිංහල බෞද්ධ 'ස්ටේටස්' එක සමාජයෙනුයි සංස්කෘතිය්නුයි ඉබේම උරුම වෙනව මිසක කවුරුත් ඒක මහන්සි වෙලා ලබා ගන්න දෙයක් නෙමේ.
ඒක අහම්බයක් මිසක මහන්සි වෙලා ලබා ගන්නා තත්වයක් නෙමේ.
මේ නිකන් හම්වෙන ස්ටේටස් එකෙන් මේගොල්ලෝ උරුම කරගන්නවා තමා වැදගත්ය කියන හැඟීමක් (sense of importance)

තමා ඉන්නේ තමාගේ රටේය..වැඩි අයිතිය මටය, මේ ඉන්නේ තමාගේ බිමේය..වැඩි අයිතිය මටය, මේ බිමේ අයිතිකාරයෝ තමාගේ පරපුරය.. වැඩි අයිතිය මටය

මේකයි ඔවුන්ගේ මානසිකත්වය

මේ අය මේකට ඇබ්බැහි වෙන්නේ මත්ලෝලියෙක් මත්කුඩු වලට ඇබ්බැහි වෙනව වගේ. මේ නිකන් ලැබෙන ආතල් එක තමාගේ අනන්‍යතාවයේම කොටසක් කරගන්නව ඒක නැතුව පොළවෙ පය ගහල ජීවත් වෙන්න බෑ වගේ.

මේ වැදගත්කම නැතුව යනවා කියන එක හරි මේ වැදගත්කම වෙන කෙනෙක්ටත් ලැබෙනවා කියන එක හරි මේ මීනිස්සුන්ව වෙව්ළලා, දාඩිය දාලා, කලන්තේ දාලා වැටෙනව වගේ දෙයක්

හන්දියේ කඩේ තම්බියායි, තමාගේ ගෙදරට යන පාරේ පදිංචි වෙලා ඉන්න දෙමළයි, තමාගේ ගේ ඉස්සරහින් ඉරිදට පල්ලි යන කතෝලිකයොයි... තමාට 'සමානයෝය' කියලා හිතන එකත් මේ අයට ලොකු අවුලක්, තර්ජනයක්, වින්නැහියක් !

සිංහල බෞද්ධයා සහ ඒ ලේබලය රහිත අය එක සමාන ලෝකයක උදේට නැගිටලා තමාගේ දින චරියාවේ යෙදෙන එක ගැන මේ අයට හිතන්නවත් බැ.

ඒ විතරක් නෙමේ, තමාගේ අණසකට යටත් නොවිය යුතු ගැහැණියක්, තමාගෙ පදයට නටන්නේ නැති බිරිඳක්, තමා දැක්කාම ඇඹරිලා බිම බලාගන්නෙ නැති කෙල්ලෙක්, තමාට අභියෝගයක් කරන්න පුළුවන් පෞරෂයක් තියෙන ස්‍තියක් කියන මේ ඔක්කෝම මේ "සිංහල බෞද්ධ පිරිමියා" තුළ තියෙන භීතිකා..

ඒ නිසයි සිංහල බෞද්ධ 'දෙයක්ය' කියන ලේබලය ඇලවුන ඕනම දෙයකට එල්ල වෙන මතවාදීමය අභියෝගයක් හරි, සිංහල බෞද්ධ කියලා කියවෙන ඕනම දෙයක පැවැත්මට එල්ල වෙන තර්ජයක් හරි, සිංහල බෞද්ධ කියලා කියන දෙයක 'වෙනසක් ගැන' කියවෙන යෝජනාවක් හරි ඉස්සරහා මොවුන් කඩු කිණිසි අතට අරගෙන මර ලතෝනි දෙන්න පෙළඹෙන්නෙ.

මොකද ඒ ඔක්කොම "තමාගෙ", "තමාට" කෙළවන්න එන, "තමාගේ" වැදගත් කියන හැඟීමට (sense of importance)එකට කෙළවන්න එන දේවල් විදියට පේන නිසා

මෙහෙම එන යෝජනා, වෙනස්කම්, අභියොග තර්කානුකූල කාලීන දේවල් වුනත් ඔවුන් ඒවා එක හෙළා ප්‍රතික්ශේප කාරනව, මොකද.. ඔවුන්ට අනුව එතන සිද්ධ වෙන්නේ සිංහල බෞද්ධ කියන පැකේජයටම කෙරෙන අභියෝගයක් නිසා, හෙවත් තමන්ට කරන අභියෝගයක් නිසා

උදාහරණයක් ගමු

ඔය "සිංහල බෞද්ධ පිරිමියෙක්" ඉඩමක් මිලදී ගන්න ගියාම ඔහු කීයටවත් මුල් තැන දෙයිද හැමවෙලේම ලවුඩ්ස්පීකරෙන් බණ, පිරිත් දාන පන්සලක එහා පැත්තේ ඉඩමක් මිලදි ගන්න?

වෙන ඉඩමක් ගන්න හැකියව තියෙද්දි කණ පැලෙන්න ලවුඩ්ස්පීකර් දාන පන්සලක අල්ලපු වැටේ ඉඩමක් සල්ලිදීලා ගනියිද?

පොඩි එකාගෙ විභාගෙ? අසනීප වුන වයසක අම්මගේ විවේකය? මහන්සි වෙලා ඇවිත් පොඩ්ඩක් උදේ වෙනකල් නිවාඩු දවසේ නිදාගන්න තියන උවමනාව?

මේ ඔක්කෝම හැම මනුස්සයෙක්ටම මගේ මෙයාටත් තියෙනව

ඒ නිසා කරන්නේ වෙන තැනකින් ඉඩමක් අරගෙන ඒ ඉඩමේ ඉඳන් පන්සලේ ලවුඩ්ස්පීකරේ දාන එකට සහය දිදී කඩුව අතට ගන්න එක !

අන්න ඒකයි සිංහල බෞද්ධ පිරිමියාගේ මතවාදී නපුංසක කම

අන්න ඒ නිසයි ඒ වගේ අය එක්ක කවදාවත් අවංක සංවාදයක යෙදෙන්න බැරි

ඒ අයගේ උවමනාව මනුස්සයෝ විදිහට එකිනෙකාට සහයෝගයෙන් අන්‍යන්ගේ අවශ්‍යතා තේරුම් අරගෙන එකිනෙකාගේ සුභසිද්ධියට නිදහසට අයිතීන්ට ගරුකරන සමාජයක් බිහි කරම එකවත් ඒ වෙනුවෙන් කටයුතු කරන එක නෙමේ

තමාගේව අනිත් ජාතීන් ඉස්සරහ පොරක් බවට පත් කරන තමාගේ ප්‍රියතම අධිපතිමතවාදය වෙනුවෙන් පෙනී ඉන්න එක, ඒක ආරක්ෂා කරන එක, ඒ වෙනුවෙන් කඩුකිණිසි හරි අතට ගන්න එක

මේ පිස්සු ඉහට ගහපු අය 'කොහේවත් යන' දෙමළෙක්, තම්බියෙක්, ගෑණියෙක්, මානව අයිතිවාසකමක්, නිදහසක් වෙනුවෙන් තමාගේ 'පොර' ආතල් එක නැති කරගන්න කවදාවත් කැමති වෙන්නේ නෑ

ටික දවසකට කලින් සමලිංගික්ත්වය ගැන සංවාදයකදි මගේ මිත්‍රයෙක් කියපු උපහාසාත්මක කතාවක් මේ..

ප්‍රශ්නය - ලංකාවේ සමලිංගික විවාහ නිතීගත කලාම සිංහල බෞද්ධයාට නැතුව යන්නේ මොකක්ද?

පිළිතුර - ආතල් එක යකෝ ආතල් එක !

ඕක තමා සිංහලබෞද්ධ(තනිවචනයකි) මානසිකත්වයකින් පෙළෙන අය ඉන්න තත්වයේ සාරාංශය

ඕක තමා සිංහලබෞද්ධයාගේ හෙළුව
මතවාදී නපුංසකකම
ආතල් එක
සහ
මාන්නය

ඔවුන් දකින ලෝකයේ තියෙන සිංහලබෞද්ධ නොවන සියලූම දේ ඔන්න ඔය මාන්නයට යටයි

ඒකයි ඔවුන් සමඟ කවදාවත් සාර්ථක අවංක සංවාදයක යෙදෙන්නවත්, ඔවුන් සම‍ඟ අත්වැල් බැඳගෙන යහපත් සමාජයක්වත් ගොඬනගන්න බැරි..


ප/ලි - ඉහත සටහනේ සිංහලබෞද්ධයා යනුවෙන් සියලුම සිංහල බෞද්ධයන් ගැන අදහස් නොකරන බවත් සිංහලබෞද්ධ(තනිවචනයකි) යනුවෙන් සයිබරයේ පොදුවේ භාවිතා වන කුලකයක් පමණක් අදහස් කරන බවත් සලකන්න.

9 comments:

  1. බ්ලොග් එකේ නම වල්පල් නේ. ඒකටම ගැලපෙනවා ලියලා තියන දේවල්.

    ReplyDelete
  2. සිංහල බවුද්ධය අදහන්නෙ,බුද්ධාගම නෙමේ,වෙන මොකක්ද එකක්.ලංකාවෙන් එහා ලෝකයක් තියෙනවද කියල හිතන්න තරම් ඔලුවක් නැතිව ඇති.ලංකාවෙ අඩුවෙන්ම යාවත්කාලීන වුන අය.

    ReplyDelete
  3. හක් හක් අපි නොදන්න බවුද්දයන්ගේ බවුද්ද කම. මටත් කාලයක් ෆේස් බුක් එකේ කී බෝඩ් චන්ඩි කිව්ව මම බුද්දාගම විනාස කරන අවලම් &£(;££ ^>~}€^ €$¥+*^ කියල. මාව කපනවලු කොටනවලු එයා පොට් එකෙන් උස්සනවලු (සබාවේ සිනා) 😂😂😂😂🙈🙉. මගෙ යාලුවෙකුත් මට වොර්නින් දුන්න. මේ ඔක්කොටම මුල"නිර්වාන" කියල පච්චයක් අතේ මැණික් කටුව ළඟ ඉඳල වැලමිට ලඟට එනකන් ගහගත්ත එක. දුපතකට හිරවුන නුගත් ලිං මැඩියන් කොහොමෙයි බන් මම ඒ ටැටූ එක ගැහුවේ මගේ ආසම ඇබ්බැහිම වෙලා ඉන්න ගායකයාගේ "කර්ට් කොබේන්" ගේ සංගීත කණ්ඩායම නිසා කියල. වඳුරන්ට ඉංගිරිසි උගන්වන එක ඊට වඩා ලෙහෙසියි.

    ReplyDelete
  4. දැන් එතකොට ඔය කියන අවලාද අපහාස උපහාස සේරෝම උපතින් සි\ම්හලයෙක් හා බෞද්ධ දෙමාපියන් ඇති සැම එකෙකුටම පොදුද?

    එහෙම යම් කිසි කෙනෙක් හෝ පිරිසක් ජාතිය ආගම පදනම්ව හෙලා දකින ඔබ අයිති වෙන්නේ මේ ඉහත කියලා තියෙන කුලකය තුලම නේද.
    එකම වෙනස ඔබ සිංහලයෙකු හෝ බෞද්ධයෙකු නොවීම හැරුනු කල මත වාදීව ඉහත සියල්ල ඔබටත් අයිතියි නේද?


    ReplyDelete
    Replies
    1. //..ඉහත සටහනේ සිංහලබෞද්ධයා යනුවෙන් සියලුම සිංහල බෞද්ධයන් ගැන අදහස් නොකරන බවත් සිංහලබෞද්ධ(තනිවචනයකි) යනුවෙන් සයිබරයේ පොදුවේ භාවිතා වන කුලකයක් පමණක් අදහස් කරන බවත් සලකන්න..//

      Delete
  5. සිංහල බෞද්ධ නාමධාරීන් වන හිස්,උඩඟු,නුගුණ පිරිස පිළිබඳව මේ මතය පිළිගනිමි.එසේ නොවන්නවුන්ද දුර්ලභ නොවේ.

    ReplyDelete
  6. 👉සමලිංගික විවාහය සම්මත කරගැනීම සඳහා නපුංසක/පොන්න සමාජය නිරුවත් වෙලා සිංහලබෞද්ධ "හෙළුවක්" විකුණන නිවට කාලකන්නි වෑයමක්...☝️😁

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...